clean Srilanka යටතේ මීගමුව වෙරළ පිරිසිඳු කරයි

0
306

පොහොසත් රටක් ප්‍රසන්න ජීවිතයක් පිරිසිදු වෙරළතීරයක් – ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් යන තේමා පාඨය මූලික කරගනිමින් ගම්පහ දිස්ත්‍රික් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 09 වෙනි දින පෙරවරුවේ මීගමුවෙන් ආරම්භ කරන ලදී,ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපිරිසිදුම වෙරළ තීරය මීගමුවේ තිබෙන බැවින් එය මූලික කරගෙන මෙම වැඩසටහන ආරම්භ කළ බවය.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් සමුද්‍රීය පරිසර අධිකාරිය මෙහෙයවීම යටතේ මීගමු නගර සභාව හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාරයාලය අධීක්ෂණය කළ මෙම වැඩසටහනට දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් නියෝජිතයන්ද එක්වූහ ,

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි කි.මී.20 සක දුර ප්‍රමාණයක් මෙදින පිරිසිදු කිරීම ට නියමිතය,වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය කිරීම ද මෙම වැඩසටහනට අයත්ය,දිස්ත්‍රික් ලේකම්කාර්යාලය,ගුවන් හමුදාව,පොලිසිය, සමුද්‍රීය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ධීවර කාර්යාලය,නගර සභාව, මීගමුව බන්ධනාගාරය, ඇතුළු රාජ්‍ය ආයතනද ස්වේච්ඡා සංවිධාන,හෝටල් සංගමය,සංචාරක සංගමය ද,මේ සඳහා සහභාගි විය,

 

 

 

රේමන් අපෝන්සු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here