සිවරාම් ඝාතනය කර වසර 20 ක් ! ඝාතකයන් නිදැල්ලේ ?

0
850

ඝතනයට ලක්වූ මාධ්‍යවේදී තාරකී ධර්මරත්නම් සිවරාම් 20 වෙනි ගුණානුස්මරණය අද (28) පෙරවරුවේ යාපනයේදී පැවැත්විය.
යාපනයේ මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය හමුවකින් පසුව යාපනය සුබ්‍රමනියම් උද්‍යානයේ ඉදිකර තිබෙන තිබෙන මාධ්‍ය නිදහස් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ මාධ්‍යවේදීන් සිහිකිරීම උදෙසා වූ ස්මාරකය අසලදී එම සැමරුම සංවිධානය කර තිබුණි.

මෙම සැමරුමට සමගාමීව පසුගිය පාලනයන් සමයේ ඝාතනයට ලක්වූ,අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් විරෝධයක් ද පැවැත්විය.

යාපනය මාධ්‍ය සමාජය සහ උතුරු,නැගෙනහිර,දකුණේ මාධ්‍ය සංවිධාන විසින් මෙම සැමරුම සංවිධානය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here