ලංකාවේ ඉන්නේ පුදුම මිනිස්සු උන් ජනාධිපති වෙලා පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීත් වෙනවා. වෙලා පීචන් වෙනවා. දැන් මෙතන අගවිනිසුරු තානාපති ධුරයක් භාර අරගෙන තියෙනවා. මිනිහා හෙට ඉදලා ඇමතිට සර් කියන්න ඕනෑ. මිනිහා සේවය කරන රටට ඇමැත්තෙක් මන්ත්‍රී කෙනෙක් විතරක් නෙවෙයි බිරින්ඳෑවක් ආවත් කොන්ද කඩාගෙන පස්සෙන් වැටිලා උදව් පදව් බැලමෙහෙවර කරන්න ඕනෑ. රටේ තුන්වෙනි පුරවැසියා වගේ ඉදලා පස්සේ මෙහෙම විහින් නැසෙන්නේ ඇයි කියන්න මම නම් දන්නේ නෑ. දැනගන්න තියෙන විදිහට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා ඉන්න නිවහනක් ලැබෙනවා තව මොනවද වෙන්න අවශ්‍ය.
මීට කලින් ආණ්ඩු සහ ජනාධිපතිවරුත් මේ වැඩේම කළා. මෙහෙම කලාම අධිකණයේ ස්වාධීනත්වය බල්ලට යනවා. විශ්‍රාම යන්න ඔන්න මෙන්න ජනාධිපතිට පවතින රජයට හිතකර තීන්දු තමයි දෙන්න හිතෙන්නේ මොකද එහෙම දුන්නොත් තමයි ලස්සන සීත රටකට ගිහිං විශ්‍රාමික දිවිය ලස්සනට ගෙවන්න පුළුවන් වෙන්නේ.
මේ ජනාධිපතිවරයා රජය පත්වෙන්නෙම මේවා වෙනස් කරන්න. ජනවරම තියෙන්නෙත් ඒකට. ඒත් දැන් දැන් මේ ජනාධිපති සහ රජය කරන්නෙම ජනතාව ප්‍රතික්ෂේප කරපු අතීත නායකයෝ සහ රජයන් කරපු වැඩමයි. එහෙම බැලුවාම කිසි වෙනසක් පේන්න නෑ.
අනික මාලිමාවේ ඉන්න ජනප්‍රිය ගීත රචක Ravi Siriwardhana පහුගිය කාලේ පොළවේ පස් කෑවා මහින්ද අයියා තානාපති වෙන්නේ නෑ කියලා. මිනිහත් මේකේ කොනක ඉන්නවා දැක්කාම මටනම් අප්‍රමාන සන්තෝෂයක් ආවේ.
(කේ.සංජිවගේ ෆේස්බුක් පිටුවෙනි )