කිසිදු පෙර දැනුම් දීමකින් තොරව කටුනායක next ආයතනය වසා දැමෙයි. ?

0
51
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පළවෙනි අදියරේ පිහිටා තිබූ ඉතා පැරණි සහ 1500 කට වැඩි සේවක සංඛ්යාවක් රැකියා කළ නෙක්ස් මනුපැක්චරින් ආයතනය අද දින සවස හයෙන් පසුව වසා දමා සීල් තබා ඇති බව සේවකයන් වෙත දන්වා ඇත්තේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරවය.
මෙය ඉතා මත්ම අසාධාරණ ක්රියාවක් බවත් අද සවස හය වනතුරුත් සේවකයින් සේවය කළ බවත් ,පසුගිය සතියේමත් රාත්රිය 8 – 9 වනතුරුත් ,ඒ වගේම පසුගිය ඉරුදිනත් අඛණ්ඩ සේවයක නියැලුණු බවත් ඒ වගේම අද දිනත් සවස හය දක්වා shipment එක අවසාන වනතෙක් සේවය කළ බවත් කියමින් සේවකයෝ මැසිවිලි නගන්නේ තමා වසර ගණනාවක් සේවය කරන මෙම ආයතනය හිටිහැටියේ මෙලෙස වසා දමයි කියන බිය කෙසේ වත් තමන් තුළ නොතිබූ බවයි.
ලෝකයේ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන next ළමා ඇඳුම් නිෂ්පාදනයෙහි යෙදෙන අතර එම නිෂ්පාදන අපනයනය කරනු ලබන්නේ එක්සත් රාජධානියේ පිහිටි ඔවුන්ගේ මව් සමාගම වෙත බවද සේවකයෝ පවසයි
ඊයේ (19) දින සේවය නිමාකර සිය නවා තැනට ගිය සේවකයෝ වෙනදා මෙන්ම පසුදින සේවයට යෑම සඳහා සූදානමින් සිටියත් රාත්රී අටට පමණ ඔවුන්ට වත්සැප් මගින් ආයතනයෙන් ලිපියක් ලැබුණේ  අද (20 දින සිට ආයතනය සම්පූර්ණයෙන්ම වසා දමා සීල් කර ඇති බවයි.
එම අකාරුණික හදිසි පණිවුඩයත් සමඟ සේවක සේවිකාවන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූ අතර සමහරුන්ගේ රෝගී තත්ත්වයන්ද උත්සන්න වූ බව වාර්තා වේ.
මේ අවස්ථාවේ එක්සේවිකාවක් හැඬූ කඳුළින් ම කියු කතාව හොඳට මතකය.
” පොතේ සන්තකයටම තිබුණේ රුපියල් හාරදාහයි. අනිද්දා ඇඩ්වාන්ස් දෙන නිසා අද ඒකෙන් දෙදහස් පන්සීයක් අරන් බඩු ටිකක් ගෙනාවා. හෙට උදේට දරුවන්ට උයලා තියලා යන්න කුකුල් මස් 250කුත් ගෙනාවා.
අද ඇඩ්වාන්ස් ෆෝම් හිටං පිරෙව්වා. ඉතින් කොහොමද අපි හිතා ගන්නේ හෙට ඉඳලා ජීවත් වෙන්නේ කොහොමද .රස්සාව නෑ කියලා හිතන්නේ කොහොමද දරුවෝ දෙන්න ජීවත් කරන්නේ කොහොමද මම තනියම ජීවත් වෙන අම්මා කෙනෙක් මට යන්න එන්න තැනක් නෑ. හෙට ඉඳලා කොහොමද ජීවිතේට මුණ දෙන්න කියලා හිතා ගන්න බැරුවයි මම ඉන්නේ. අපි ඔච්චර ආදරේ කරපු ආයතනය ඇයි අපිට මේ වගේ කුරිරු අසාධාරණකමක් කරේ ආයතනයට අපි වැරැද්දක් කළේ නැහැ. උදේ වැඩට ගියාම රාත්රියට වැඩ ඉවර කරනකම්ම වහලියෝ වගේ වැඩ කළා. අඩුම තරමේ අපිට කලින් දැනුම් දීලා වත් තිබ්බනම් මෙහෙම ආයතනය වහනවා කියලා අපි කොහෙන් හරි රැකියාවක් හොයාගන්නවා. එහෙමවත් කළේ නැත්තේ අපි එක්ක තියෙන මොනතරහකටද? ආයතනය මෙහෙම කළේ. මේක නම් හරිම අසාධාරණකමක්
වසා දමා ඇති ආයතනය ඉදිරිපිටට පැමිඛ සිටින කම්කරුවෝ මහත් අසරනවි සිටිති .
494070406 4179614188936034 318420097927064332 n.jpg?stp=dst jpg s600x600 tt6& nc cat=107&ccb=1 7& nc sid=833d8c& nc eui2=AeFSIJXgyMqTO8BCN19mX1APBn7ruhuXS9wGfuu6G5dL3A7GSPzwvs uwqMmfWi8pOo& nc ohc=izpKjp3RvkEQ7kNvwGJCBoa& nc oc=AdmOp7y5H6nenOILYdddEH4kKsE1EA1 8qFbLmV g7ZxQ7eD3iSq5 0IwXgbmx28JeByuvjY IPjS7m67seiw8oX& nc zt=23& nc ht=scontent.fcmb1 2
496542501 4179614242269362 5820718426849474854 n.jpg?stp=dst jpg s600x600 tt6& nc cat=108&ccb=1 7& nc sid=833d8c& nc eui2=AeGCI0pjsQxs5jbcF1EEf09Sh7I 8AFi2o Hsj7wAWLaj3T4GoLnhDg2Twbe hZb6BY& nc ohc=euNk rFdc2YQ7kNvwGtrnyE& nc oc=Adn38nIsDEP6mRmgKr6bY54l5D5jw4lW7qXXEWRXzAuFbqb0VRKw7FelwYFn3iMaq3 GmWsqsF2Bm FocVOAMTgl& nc zt=23& nc ht=scontent.fcmb1 2
(චන්ද්‍රා දේවනායරන ගේ ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here