මිගමුව රෝහලේ අක්ෂි සායනයට එන රෝගීන්ට අවැසි සේවාව නිසි පරිදි ලබාදිමට අදාල සායනයේ වෛද්‍ය කාර්යමණ්ඩලය කටයුතු නොකරන බවට චෝදනාවක් මේ වන විට එල්ලවි තිබේ.
මේ සායනය සඳහා විශේෂඥ වෛද්‍යවරයාද සමඟින් තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු සේවයේ නියුතුව සිටිති.
එහෙත් මේ අය සායනයට එන රෝගීන්ගෙන් 80කට පමණ පිරිසක් සඳහා සිය සේවාව ලබා දිමට පුරුදුව සිටින බවත් , අනතුරුව අනික් රෝගින්ට වෙන දිනයක පැමිණෙන ලෙස කියමින් දහවල් 12 ට පමණ සායනයේ කටයුතු නිමා කිරිම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් මේ වන විට එල්ලවෙමින් තිබේ.
මාරවිල සිට රාගම දක්වා පරාසයක රෝගින් සඳහා අක්ෂි සායනයක සේවාව ලබාගැනිමට ඇති ප්‍රධානතම රෝහලක් වන්නේද මිගමුවයි .
පැය 8 ක සේවා මුරයක් ආවරණය කළ යුතු මේ වෛද්‍යවරුන් දවල් 12න් පසු මෙලෙස රෝගි සත්කාර සේවා අත්හිටුවිම සැබැවින්ම කණගාටුදායක තත්වයක් බව සඳහන් කළ යුතුව තිබේ.
මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරින් කඩිනම් පියවර ගතයුතුව තිබේ.