මිගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ගැනිමට පැමිණි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදුව තිබුනා යැයි කියවුනේ මාර්තු 31 වනදාය.
ඇය මේ පිළිබදව අප්‍රේල් 01 වෙනිදා පැමිණි මිගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමිය වෙත පැමිණිලි කර තිබුණි.
අධිකරණ වෛද්‍ය නිලධාරින්ගේ පරික්ෂණ දෙකකට ඇය සහභාගිවි ඇති අතර ඉන් එකක් මිගමුවේද අනිත් එක කොළඹදිද සිදුකර ඇත.
මිගමුව රෝහල විසින් මෙන්ම අමාත්‍යංශ මට්ටමෙන්ද මේ ගැන පරික්ෂණ ක්‍රියාත්මකය.
අධිකරණ විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණි.
මේ දොස්තර මේ වන විට දේශබන්දුගේද වාර්තාව බිද දමමින් දින 60 ක පමණ කාලයක් පොලිසිය මගඅරිමින් කටයුතු කරමින් සිටියේය.
කෙසේ වෙතත් මාස දෙකක කාලයක් කට්ටි පනිමින් සිටි මෙම වෛද්‍යවරයා අද දින උසාවියට භාර වි ඇති අතර ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි වාර්තාවේ.
මේ අතර තවත් සදහන් කළ යුතුම කරුණක් වේ .
මෙසේ අතවරයකට ලක්වුවායැයි කියැවෙන තරුණිය සිදුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
. මේ අවට කාන්තා සංවිධානද ගොන්නක් ඇති අතර මේ බොහොමයක් දෙනා ලිංගික හිංසනය, කාන්තා හිංසනය ගැන නිරන්තයෙන් වැඩමුළු විරෝධතා පවත්වන බව පැහැදිලිය.
එහෙත් මේ සිදුවිම ගැන එම සංවිධාන අවධානය යොමුකළ බවක්ද ගැන දැනගන්නට තිබුනේ නැත..