නාගරික කොමසාරිස්තුමියගෙන් මිපුරට කෝල් එකක්?

0
496

 

පසුගිය කාලය පුරාම මිපුර කාර්යාලය විසින් ගනු ලැබු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වු කොමසාරිස්තුමිය අද උදේ වරුවේ අපගේ කර්තෘ මණ්ඩල සමාජිකයෙකු හට දුරකතන ඇමතුමක් ලබාගෙන තිබුනේ අභ්‍යාස පොත් මිළදි ගැනිමක් සම්බන්ධයෙන් අප විසින් පළකර තිබුන පුවතක් ගැන විමසිමක් කිරිම සඳහාය.

මිපුර පාඨකයෙකු විසින් ලියා තිබුන එම කෙටි සටහන තුල සැබැවින්ම මතුකර තිබුනේ ප්‍රශ්ණ කිපයකි.

පාසැල් වාරය ආරම්භ වි මාස 5ක් ගෙවි ගොස් තිබේ !

නගර සභාව තුල අත්‍යවශ්‍ය දේවල් සම්බන්ධයෙන්ද අඩුපාඩු කම් පවතිද්දි ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් වර්ෂය මැද අභ්‍යාස පොත් මිළදි ගැනිම!

ලංසා පවුලේ නිලධාරින් තවමත් මහනගර සභාව තුල හොල්මන් කරන්නේද ?!

කඩිමුඩියේ මේ මිළදි ගැනිම් පිටුපස ඇත්තේ අවශ්‍යතාවයද ? නැත්නම් වෙන එකක්ද?

තවත සති කිපයකින් අලුත් සභාව ආරම්භ කිරිමට නියමිතව තිබියදි මෙම මි්ලදි ගැනිම් සිදුකර තිබිම!

මාලිමා පාලනයක් ස්ථාපිත කිරිම සඳහා වෙහෙස මහන්සි වි කටයුතු කර තිබුන ඔහු විසින් ප්‍රශ්ණ කිපයක් එම කෙටි ලිපිය තුලින් මතුකර තිබුණි.

එසේ මතුකරන්නටද ප්‍රධාන හේතුව වි තිබුනේ අදටත් මිගමුව මහනගර සභාව තුල  ලංසා පවුලේ නියෝජිතයන් විවිධ නිලධාරි වෙස්ගෙන කටයුතු කරන යමින් ඇති  පසුබිමකය.

කොමසාරිස්තුමිගේ කනෙන් රිංගා විවිධ රඟදැක්විම් වල නිරත ⁣නිලධාරින් බොහෝය..

මේ බහුතරයක් දෙනා ලංසා පාලනය තුලදි ලංසා පවුලට සමිපව කටයුතු කරනු ලැබුවන් බව ප්‍රසිද්ධ රහස්ය

කො⁣ටින්ම කියන්නේ නම් හිටපු නගරාධිපතිගේ කාමරයේ සිටි ඔහුට හිතේශිවන්ත.සේවිකාවක් දැන් සිටින්නේ වත්මන් කොමසාරිස්තුමියගේ කාමරයේ බවද සැලය.                  .

ඉජිනේරුවරයා මෙන්ම සුබ සාධක අංශයේ අයද එසේමය.

ලංසා පාලනය තුල ගැහැලි රැඟිලි යලිත් සිහිපත් කරගන්නට සිදුව තිබුනේ වසර මැදකදි අභ්‍යාස පොත් මිළදි ගැනිමට නගර සභාව කටයුතු කර තිබුන පසුබිමකය.

නව සභා පාලනය පටන් ගැනිමට සති දෙක තුනක පමණ කාලයක් තිබියදි කර තිබුන මේ මිළදි ගැනිම් පිලිබදව පුරවැසියන් හට ප්‍රශ්ණ මතුව තිබුනේ පවතින යථාර්ථය තුල එවන් සැකකිරිම් සඳහා ඉඩකඩ සලසා දෙන පරිසරයක් නගර සභාව තුල  දැනටමත් පැවැතිම නිසාමය.

ලංසා පවුලේ බලපැමේ තරම කොයිතරම්දැයි කියනවා නම් කොමසාරිස්වරිය අත්පත් කරගැනිමට මහන්සිවු බිච් පාක් එක පාලනය කරන කොම්පැණියේ අධ්‍යක්ෂකවරයෙකු මිගමුව මහ නගර සභාවේ අදායම් නිලධාරියෙකු ලෙස හෙළිදරව්විම   විසින් කියා සිටින යථා⁣ර්ථය කුමක්ද? .

අපට තවත් සැක සහිත සිදුවිම් රැසක් ඉදිරියේදි හෙළිකරන්නට සිදුව තිබේ.

අඩුම තරමින් අපගේ ඇමතුම් වලට කොමසාරිස්තුමිය ප්‍රතිචාර දක්වන්නේ නම් එය අපට මෙන්ම එතුමියටද පහසුවක්ම වනු ඇත.දුෂිත පවුල් පාලනයකින් බේරාගත් මිගමු දැන් අලුතින් ගොඩ නැගිය යුතුව තිබේ.

මිගමුවේ දුෂිත පාලනය ගැන තර්ජන මැද කතා කළ එකම මාධ්‍ය ලෙස අප  අද මෙන්ම හෙටත් මේ දුෂිතයන්ට දඬුවම් දිම සදහා පුනරුද ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට හැකි උපරිම අයුරින් දායකත්වය සපයන්නෙමු.

 

අප කණ්ඩායමේ මාධ්‍යවේදියෙකු අද දහවල් සිට අවස්ථා ගණනාවකදිම කොමසාරිස්තුමියව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනිමට උත්සාහ කළද එය අසාර්ථක විය.

පසුව ඇගේ කාර්ය මණ්ඩලයේ අයෙකු අප වෙත දන්වා තිබුනේ කොමසාරිස්වරියව පැමිණ හමුවෙන ලෙසය.

පොත් ගණුදෙනුව පිළිබඳව     ඇගේ පැහැදිලි කිරිම අප වෙත ලැබුන පසුව     පළකරනතෙක්  අපේ විග්‍රහය මෙසේ සටහන් කරන්නෙමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here