මිගමු වැල්ලේ පසුගිය දිනවල මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු අලෙවි කිරිම යළිත් පටන් අරන් ඇති බවට බරපතල චෝදනාවක් එහි එන පාරිභෝගිකයන් විසින් අප වෙත වාර්තා කරන්නට යෙදුණි.
එපමණක් නොව ෆේස් බුක් පිටු අතරද මේ විවේචනය පසුගිය දිනවල තිබුණු අයුරුද නිරික්ෂණය විය.
පසුගිය දින වල පුසන්ට දිම සදහා කොටුව පිට්ටනිය ලග මාළු කඩෙන් රැගෙන ගොස් තිබුන සාලයන් සතෙකුවත් නොකන තරමට කුණු ගදින් යුතු යැයි පාරිභෝගිකයන් විසින් කරනු ලැබු චෝදනාද එමටය.
මේ සම්බන්ධයෙන් වැල්ලේ මාළු කඩේ ටෙන්ඩරය ලබාගෙන ඇති සමිතියේ නිලධාරින් ඇමතු අවස්ථාවේදි ඔවුන් කියා සිටියේ මිගමුවේ ප්‍රධාන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතාටදද මේ ගැන විමසා බලන ලෙස මිට පෙර දැනුම් දුන් බවය.
කෙසේ වෙතත් මේ දිනවල මාළු හිඟ බැවින් ප්‍රමිතියෙන් තොර මාළු අලෙවිය සඳහා මිගමුව කොටුව පිට්ටනිය මාලු ලෙල්ලමට ගෙනඒම අඩුවි ඇතැයි වැල්ලවිදිය ඒකාබද්ධ ධිවර සංවිධානයේ ප්‍රධානියෙකු කියා සිටියේය.
පසුගිය දිනක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණි මේ සියළු වෙළදුන් හට දැඩි ලෙස අවවාද කර තිබුන බවද වාර්තා වි තිබුණි.
කෙසේ වෙතත් මාළු ලෙල්ලමේ ටෙන්ඩරය ලබාගෙන ඇති වැල්ලවිදිය ඒකාබද්ධ ධිවර සංවිධානය කුණු මාළු පැමිණිලි ගැන නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිය යුතුය.
මේ අතර ලංසා පාලන සමය තුල තිබුන සෙල්ලම් දැන් හමාර බවත් මාලිමාවේ පාලනය නිතිය අකුරටම ක්‍රියාත්මක කිරිමට සුදානම් බවද නම සඳහන් කිරිමට අකමැති වු ප්‍රබල මාලිමා ක්‍රියාකාරිකයෙකු අප කළ විමසුමකදි ප්‍රකාශ කර සිටියේය.
ජූඩ් ප්‍රනාන්දු