මීගමුව අල්- හිලාල් ආදී ශිෂ්‍යාවන්ගේ සංගමයෙන් අත්කම් ප්‍රදර්ශනයක් පසුගිය දිනක මීගමුව සවුන්ඩස් පාරේ පිහිටා ඇති ගෝල්ඩන් පැලැස් උත්සව ශාලාවේ දි පැවත්විණිි.
ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය විසින් වාර්ෂිකව පවත්වන මෙම ප්‍රදර්ශනය මෙවර දොළොස්වන වරට පැවැත්විනි. පාඨමාලාවන් සදහා ඇතුළත් වු කේක් නිෂ්පාදනය , සුප සාත්‍රය ඇඳුම් මැසීමෙන් සහ රෙදි කැපීමක් දෑතින් කරන්නා වූ ඇම්බ්‍රොයිඩර් මැස්ම මනාලියන් ඇන්දවීම, මෙහෙන්දි දැමීමට අදාළ නිමැවුම් ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණි.
මෙම පාඨමාලාවෙන් පුහුණුව ලැබූ ශිෂ්‍යාවන්ගේ නිෂ්පදනයන්ගේ නිර්මාණයන් කුසලතාවන් එළිදැක්වීම. එමෙන්ම මෙම ප්‍රදර්ශනය තුළින් ඔවුන්ගේ නිෂ්පාදනයන් හට වෙළඳපොල දේශීය මෙන්ම අපනයනය සඳහාද උසස් තත්ත්වයේන් යුත් නිෂ්පාදනය ඉදිරිපත් කිරීම මෙහි අරමුණ වී තිබුණි.
මෙම අවස්ථාවට විදුහල්පති සහිර් මහතා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.ඒල්. කුලතිලක , අල්හිලාල් විද්‍යාලයේ උප විදුහල්පති, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය රිම්සීනා මහත්මිය, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය රින්සියා සහභාගී විය.
ඒස්.ඒම්.ඒස්.මුනිර්