මිගමුව කොච්චිකඩේ කම්මල් මෝය අසලදි ත්‍රිරෝද රථයක්ද සමගින් පුද්ගලයෙකු පිළිස්සි ගිය මළ සිරුරක් ඇති බව පොලිසියට දැනුම් දි තිබුනේ ප්‍රදේශයේ ධිවරයන් පිරිසක් විසිනි.
ඒ අද උදැසන 6 ට පමණය.
රතුපැහැති ත්‍රිරෝද රථයක අද අලුයම 12.40ට පමණ කම්මල් මෝය ප්‍රදේශයට යමින් තිබුණ බව CCTV වාර්තා වලින්ද සනාථ කර තිබුණ බවද හෙළිව තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවිම අද උදෑසන ප්‍රදේශවාසීන් දැක කොච්චිකඩේ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කොච්චිකඩේ පොලිසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත මළ සිරුර රැගෙන යෑමට නියමිතව තිබුණි.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයා මීගමුව පොලිස් වසමේ අංක 22/2, ග්‍රාමෝදය මාවත, දළුපොත, මීගමුව ලිපිනයේ පදිංචි, මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පො.සැ.රි. 34506 හේරත් පතිරැන්නැහැලාගේ ජයන්ත පුෂ්පකුමාර (56) නැමැත්තා බවට ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇත.