සිවිල් ආරක්ෂක කමිටු ඇතුලටත් දේශපාලනය රිංගන හැටි?

0
157

 

 

මේ දිනවල අපට වැඩිම ඇමතුම් සහ තොරතුරු ලැබෙමින් ඇති කරුණ බවට පත්ව ඇත්තේ අන් කිසිකලක නොවුන ආකාරයට ගමේ සිවිල් ආරක්ෂක කමිටුවටත් දේශපාලනය රිංගා ඇති අන්දම ගැනය.

ඊයේ(15)  සවස පෙරියමුල්ලෙ පැවති සිවිල් ආරක්ෂක කමිටු රැස්විමේ මුලසුනට අදාල මේසයේ ප්‍රදේශයේ මාලිමා නාගරික මන්ත්‍රීවරයාද අසුන් ගෙන සිටි බව වාර්තාවේ.

මෙම රැස්විමට පිරිස ගෙන්විමට කටයුතු කර තිබුනේද ඔහු ඇතුළු මාලිමා ක්‍රියාකාරින් විසින් බවද සැලය.

සිංහල මුස්ලිම් ජනයාද සම සම ලෙසින් ජිවත්වන පෙරියමුල්⁣ල කොට්ටාශයෙ මෙම රැස්විම සඳහා මුස්ලිම් ජනයාටද ප්‍රමාණවත් ලෙසින් දැනුම් දිම් කර තිබුනේද යන ගැටලුවද මතුව තිබුනේ අදාල රැස්විම සදහා ඉතාමත් අඩු මුස්ලිම් නියෝජනයක් පැවැති නිසාය.

රැස්විම ඇරඹෙනවාත් සමගම ක්ෂණිකව නැගි සිටි මාලිමාවේ ක්‍රියාකාරිණියක් විසින් ඒ ප්‍රදේශයේ මාලිමාවේම අයෙකුව සභාපති ලෙස යෝජනා කර තිබිමම තුලම පවතින දේශපාලන නූල් සුස්තර ඉතාමත් ලැජ්ජා ලෙසින් දිස් වු බව නම සදහන් කිරිමට අකමැති අය අප අමතා කියා සිටියහ.

වාර්තා වන අන්දමට මුස්ලිම් ජනයාගෙන් කි දෙනෙකු නිලතල සඳහා පත්කරගෙන තිබුනේද යන කරුණද සැලිකිල්ලට ගතයුතුව තිබේ.කෙසේ වෙතත් මාලිමා දේශපාලනය තුල ජාතික වශයෙන් මෙන්ම මිගමුව තුලද සුළු ජාතිකයන් කෙරෙහි දක්වා ඇත්තේ අඩු සැලකිල්ලක් යන කරුණ දැන් සමාජ ගතවි හමාරය.

පොදුවේ ගත් කළ මාලිමාවේ මෙම සෘජු දේශපාලන ඇඟිලි ගැසිම් සැබැවින්ම ලැජ්ජාගහගත යැයි කියා සිටින අයගේ ප්‍රධාන අවධාරණය වි තිබුනේ මේ තරම් පහත් තත්වයකට මාලිමාව පත්වේයැයි ඔවුන් කිසි දිනක කල්පනා නොකළ බවය.

මේ කරුණ මුලික කො⁣ටගෙන මේ වන විට දැඩි විවේචනයක් බොහෝ තැන්වලින් මතුවෙමින් ඇති බව ඉතා පැහැදිලිව පෙ⁣නි යයි.

වෙනදා මේ රැස්විම් වලට එන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයට මෙන්ම පොලිසියේ අයටද මාලිමාව යටතේ දේශපාලනය රිංගා ඇති අන්දම ගැන ඉතා හොදින් වැටහි ගොස් ඇතුවාට සැක නැත.

ජේ.එෆ්. ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here