ඉතිහාසගත ජන්දයකින් පසු කොළඹ නගරාධිපතිධූරය ව්‍රායිට!

0
56

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී ව්‍රායි කැලි බල්තසාර්
මහත්මිය අද (16) පැවැති රහස් ඡන්දයෙන් තේරීපත් විය.

සභාවේ මුළු සභික සංඛ්‍යාව වන 117 න් ඡන්ද 61 බල්තසාර් මහත්මියට ලැබුණු අතර විපක්ෂයේ නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්වූ නගරාධිපති අපේක්ෂක රීසා සාරුක් මහතාට ඡන්ද 54 හිමි විය.ප්‍රතික්ෂේපිත ඡන්ද 2ක් ද විය. ඒ අනුව වැඩි ඡන්ද 7 කින් බල්තසාර් මහත්මිය තේරිපත්විය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සඳහා මංගල සභාව වාරය
අද (16) පෙරවරු 9.30 ආරම්භ කෙරිණි.

ඒ අනුව නගරාධිපති ධූරය සඳහා අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත්ව සිටින නිසා විපක්ෂය විවෘත ඡන්දයක් පවත්වන ලෙස නාගරික කොමසාරිස් එස්.කේ ජයසුන්දර මහත්මියගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමට ප්‍රතිවිරුද්ධව යමින් ජාතික ජන බලවේගය ඉල්ලා සිටියේ රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවය.සභාවේ මත දෙකක් පැවතීම නිසා පනතට අනුව රහස් ඡන්දයකට යා යුතු බවට කොමසාරිස්වරිය මෙහිදී යෝජනා කළේය.ඒ අනුව රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවටත්, විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට පණතේ ඇති වගන්ති ගෙන හැර දක්වමින් දෙපාර්ශවය අතර විවාදයක් ඇති විය.

කෙසේ නමුත් මාර්ග උපදේශවලට අනුව කටයුතු කළ නොහැකි බවත් තමා කටයුතු කරන්නේ පනතට අනුව බවත් මෙහිදී කොමසාරිස්වරිය දැඩි ස්ථාවරයක සිටිමින් ප්‍රකාශ කළාය.

ඒ සම්බන්ධව මන්ත්‍රීවරු විවිධ අදහස් ඉදිරිපත් කරනවා පැවැති වාද විවාද හේතුවෙන් සභාව එකම ගාල ගෝට්ටියක් බවට පත්විය. අවසානයේ නගරාධිපති තෝරා ගැනීම සඳහා විවෘත ඡන්දයක් පවත්වනවාද එසේ නැතිනම් රහස් චන්දයක් පවත්වනවාද විමසා බැලීම සඳහා ඡන්ද පත්‍රිකාවක් මගින් සභිකයන්ගෙන් ඡන්දයක් විමසිය යුතු බවට නාගරයක කොමසාරිස්වරිය යෝජනා කළාය.

එම යෝජනාව සම්බන්ධයෙන්ද පැවැති විවාදයෙන් අනතුරුව නගරාධිපති තේරීම සඳහා සභාව රහස් ඡන්දයකට යා යුතු බවට දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණියහ. ඒ අනුව මෙම එකඟතාවය මත පැවති රහස් ඡන්දයෙන් සභාවේ බහුතර බලයක් ලබා ගැනීමට…

Newshub.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here