මිගමු මහනගර සභාවේ කම්කරුවන් පිරිසක් සේවයට පැමිණ ඇඟිලි සලකුණ සටහන් කොට ඉන්පසුව නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට යන බවට බරපතල චෝදනාවක් පසුගිය සමයේ එල්ලවි තිබුුණි.
පසුගිය මැතිවරණ සමයේදි පවා මේ නීති විරෝධි කටයුතු සිදුව තිබුන අතර හිටපු නාගරික කොමසාරිස්වරිය විසින් මේ අයගේ වැටුප ලබාදිමද අත්හිටුුුුුද පියවර ගෙන ඇත.
2016 මහනගර සභා භුමිය තුලදිම මාධ්‍යවේදියෙකුට පහර දුන් කල්ලියේ අයෙකුද මේ පිරිසේ සිටින අතර මේ වන විට මේ තැනැත්තාව මිගමුව බස් නැවතුමේ සේවයට යොදා සිටි.
මිගමුව මහනගර සභාවේ අනෙකුත් සේවකයන්ද ප්‍රශ්ණ කරන්නේ මේ තැනැත්තාගෙන් සැබැවින්ම සේවයක් වන්නේද කියාය. ඔහු බොහෝ මිගමුව මහනනගර සභා පරිශ්‍රයේ කඩොල් කැලේ අසල පන්සලක කාලය ගතකරන බවටද චෝදනා පවති.
එපමණක් නොව මත්ද්‍රව්‍ය අලෙවිය කිරිමේ චෝදනා ලැබු සිරගතව සිට පැමිණි අයෙකුටද වත්මන් කොමසාරිස්වරිය විනය පරික්ෂණ නොපවත්වාම යළිත් රැකියා ලබා දි ඇතැයි යන චෝදනාවක්ද එල්ලවි තිබේ.
සේවය නිසි ලෙස ඉටුනොකර රස්සියාදු ගහමින් සිටින නගර සභා සේවකයන්ට දැන් අතිකාල ගෙවිම්ද සිදුව තිබිම ගැන නගර සභා සේවකයෝ විමතිය පළකර සිටිති.
ක්ලින් ශ්‍රිලංකා මෙන්ම ක්ලින් මිගමුවක් ගැන කථා කරන මිගමූ මාලිමාවේ ප්‍රධානින් මේ ගැන දැඩි ලෙස විමසිලිමත්විය යුතුව තිබේ
නිමල් ප්‍රනාන්දු












