හැමිල්ටන් ඇල නැවත ආකර්ශනීය තැනක් බවට පත් කර සංචාරක කර්මාන්තයේ දියුණුවට යොදා ගත හැකිද සහ එසේ යොදා ගැනීමේදී ඒ සඳහා ඇති බාධක මොනවාද පිලිබඳ සොයා බැලීම සඳහා ඇළ දිගේ නිරීක්ෂණ චාරිකාවක් අද දින සිදු කරන ලදී.
ඒ සඳහා නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ,පාර්ලිමේන්තු මන්ත්රී ස්ටෙෆ්නි ප්රනාන්දු,වත්තල ප්රාදේශීය සභාවේ සභාපති බ්රිහාන් ආබ්දීන් සමග වත්තල ප්රාදේශීය සභා මන්ත්රීනි නිසංසලා හැඳලගේ යන සහෝදර සහෝදරියන්,සංචාරක අමාත්යාංශයේ නිළධාරීන් සහ ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිළධාරීන් මේ සඳහා සහභාගි විය.















