කටාන ප්‍රා.සභාවේ කර්මාන්ත කාරක සභාව පත්කිරීමේදී සභාපතිනියට හා උප සභාපතිවරයාට විපක්ෂයේ දැඩි විරෝධය.

0
739

කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මාසය සඳහා වන මාසික මහා සභා රැස්වීම , ජුනි මස 26 වැනි දින පැවැත්විණි .
ඒ අනුව සභාවේ කටයුතු ආරම්භ කරමින් සභාපතිනිය විසින් සභා සම්මත කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළාය. එම යෝජනා වූයේ මේ වසරේ ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි , ප්‍රාදේශීය සභාවේ අරමුදල් යටතේ හෝ වෙනත් ප්‍රභවයන් යටතේ ව්‍යාපෘති හඳුනා ගනිමින්,මාර්ග ඉදිකිරීම්, නඩත්තු කිරීම්, සංවර්ධනය කිරීම් හා ඊට අනුශාංගික කරුණු සම්බන්ධයෙන් සභාවට උපදෙස් ලබාදීමට සහ නිර්දේශ ලබා දීම පිණිස කටාන ප්‍රාදේශීය සභාව සඳහා කාර්මික සේවා පිළිබඳව කාරක සභාවක් පත් කර ගත යුතු බවටත්,එහි සංයුතිය ධූර ධාරීන් (සභිකවරුන් හා සභිකවරියන්) 11 දෙනෙකුගෙන් පිරවිය යුතු බවත් , එලෙස තොරාගත් එම ධුර ධාරීන්ගේ නම් ලැයිස්තුවද සභාපතිනිය විසින් එහි. දී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව එම යෝජනාව සභා සම්මත කරන ලෙස ද ඇය සියලු සභිකවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජිත් ප්‍රියදර්ශන මහතාය. එම සභිකවරුන්ගෙන් සිව් දෙනකු විපක්ෂයෙන් වන අතර , විපක්ෂය නියෝජනය කරන නවක සභිකවරුන් 03 නෙකු හා විපක්ෂයේ එක් ජ්‍යෙෂ්ඨ සභිකවරයකු වන ලසන්ත දීපාල් මහතාව එම කමිටුවට නම් කර තිබිණි.
මෙහිදී නැගී සිටි විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , කටාන, දැවමොට්ටාව කොට්ඨාශය නියෝජනය කරන අසේල නිරෝෂන් සභිකවරයා ප්‍රකාශ කළේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් නායකයා බවත් 02 වන වතාවට ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකවරයෙක් බවයි.එලෙසම පළාත් පාලන ඩිප්ලෝමාධාරී ගුරුවරයකු බවයි. එහිදී ඔහු මෙලෙස පැවසීය.
” මේ තියෙන සියලු කාරණා බලද්දී මුදල් කමිටුවට සහ කර්මාන්ත කමිටුවට මගේ නම සඳහන් වීමක් වෙන්නේ නැහැ.ආයේ මාව ඒ කමිටුවට දාන්න ඕනෙත් නැහැ.හැබැයි මේක ආණ්ඩු පක්ෂය විසින් හිතන් ඉන්නවනම් මේක මම හිතන විදිහට මේක හිතාමතාම කරලා තියෙන්නේ , මොකද මෙතන හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සිටියා මේ අජිත් මන්ත්‍රීතුමාත් ( උප සභාපති ) හිටියනේ . එතකොට මේ සභාවේ වංචාව දූෂණයට එරෙහිව වැඩිපුරම කතා කරපු මන්ත්‍රීවරයා තමයි මම. ජනමතයක් නොපවතින තත්ත්වයක් තුළ ජනමතයක් දිනලා, ඔයාලගේ අපේක්ෂකයාට වඩා 20% වගේ ඡන්ද ප්‍රතිශතයකින් දිනලා මේ ප්‍රාදේශීය සභාවට ආපු මන්ත්‍රීවරයෙක් මම .ඔයාලගේ මාලිමාව කියන පක්ෂය ගත්තොත් ඒ පක්ෂයේ ඉන්න සියලු දෙනා එදා ඉඳන් පටන් අරන් ආපු ජේ.වී.පී. අය නෙමෙයි. එදා රටේ පැවතිච්ච අරගලයෙන් මතු වෙච්ච පක්ෂයක්. එහි තේමාව වෙන්නේ දූෂණයට වංචාවට කියනදේට එරෙහිවීම. ඒ මත තමයි ගොඩක් මන්ත්‍රීවරු අපේ ගුරුවරු ඇතුළුව මේ මමත් ඒ අරගලයත් එක්ක හිටියා. එහෙම ඉද්දී මම දන්නේ නැහැ ඒ ඇයි කියලා කටාන ප්‍රාදේශීය සභාවේ වංචාව දූෂණය සිදුවෙනවට කැමතිද කිය ලා මට සැකයක් තියෙනවා.මෙකද මේ වාගේ මංත්‍රීවරු 11 දොනක් දාලා මුදල් කම්ටුව පත්කර ගන්නවා. මුදල් කම්ටුව ගැන අපට මතකයි සභාපතිතුමාගේ ටයර් එක දාන , බැට්‍රිය දාන එක දැන් වංචා අක්‍රමිකතා සිද්ධ වුනා. ඒ අනුව ඒ වෙනුවෙන් අපි කතා කළා.ඒ අනුව අපේ නම මේ කොහේදිවත් මේකේ සඳහන් වෙලා නෑ. ඒ අනුව මේ කර්මාන්ත කාරක සභාව පිහිටුවීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් තියෙනවා. ඒක මම ඉදිරිපත් කල යුතුයි. හේතුව මම ජනතාව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රීය ඡන්දයකින් පත්වුණු කෙනෙක්.
සභාපතිතුමියට වගකීමක් තියෙනවා, මේකේ ඉන්න මන්ත්‍රීවරු හඳුනාගැනීමේ වගකීමක් ඔබතුමියට තියෙනවා. අජිත් මන්ත්‍රීතුමාට ( උපසභාපති) නොවැටහෙනවාද මම දන්නේ නෑ අවුරුදු පහක් හයක් අපිත් එක්ක වැඩ කරලා. සමහර වෙලාවට එතුමගේ තියෙන සංකල්ප අදහස් අපට ගැලපෙනවද දන්නේ නැහැ.හැබැයි අපි ජනතාව නියෝජනය කරන්න ඇවිල්ලා තියෙන්නේ. ජනතාවගේ ප්‍රශ්න වලදී අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඔයාලට වඩා ප්‍රබල පක්ෂ මේකෙ ඉඳලා තියෙනවා.යුද්ධ ඉවර කරුවා කියාපු දුටුගැමුණු රජ්ජුරුවෝයි කියපු මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තියෙද්දිත් අපි කතා කරන්න ඕන දේ කතා කළා අපි බය නෑ. අපි මේ යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කරනවා. හැබැයි දැන් මේකට මාව දාන්නත් එපා කර්මාන්ත කමිටුවට. මේ සභාවේ පළාත් පාලන ඩිප්‍ලොමාව කරලා ඉන්නේ මායි, ඔබතුමා විතරයි මේ සභාවේ .( විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභිකයෙකුවන ලසන්ත දීපල් මහතා දෙස බලමින්) පළාත් පාලනය පිළිබඳව මේ සභාවේ ඉන්න අලුත් අයට අපෙන් යමක් ඉගෙන ගන්න ඇති. එහෙම නැතුව මුදල් කමිටුව, කර්මාන්ත කමිටුව හංගලා ගේමක් ගහනවා නම් ඒකට අපි විරුද්ධයි.” යනුවෙන් පැවසීය.

IMG 20250630 WA01491

එමෙන්ම අසේල නිරෝෂන් සභිකවරයා කටාන ප්‍රාදේශ සභාවේ සභාපතිනිය අමතමින් මෙලෙස පැවසීය
” එදා ඔබතුමිය කිව්වනේ අපි ඒක කණ්ඩායමක් කියලා. ඒකට මං මේ කියන්නේ. අපි එක කණ්ඩායමක් නම් අධ්‍යනය කරන්න මිනිසුන්ව. වංචා දූෂණයට විරුද්ධ වෙලා තියෙනවා නම් මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන් කියලා අධ්‍යනය කරන්න.ඔබතුමියට ඒකට උඩින් කවුරුහරි කිව්වොත් ඒවට එකඟ වෙන්න එපා. සභාව කියන්නේ නෛතික පුද්ගලයෙක්.ඒකට එකඟ වෙලා තීන්දු තීරණ ගන්න එපා කියන එක මම මතක් කරලා කිව්වා පළවෙනි සභාවේදීම.
ඒක නිසා මේකේ යම් කිසි දෙයක් වෙද්දී දැනුමක් තේරුමක් තියෙන අය ගන්න . ඒක නිසා මේ සභාව දුවන්න ගියහම ඔබතුමියට ගැටළු එයි. ඒවා තේරුම් ගන්න මුදල් කමිටුවේ ඉන්න ඕනේ ලසන්ත මන්ත්‍රීතුමාලා වාගේ අය.එනිසා මේකට මම විරුද්ධයි. යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන් පසුව කතා කළ උපසභාපති අජිත් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ තම පක්ෂයට (එන්.පී.පී) ජනතාව පැහැදිලි බලයක් ලබාදී ඇති බවත් ඒ අනුව තමන් ආණ්ඩු පක්ෂයේ බලය ලබාගෙන ඇති බවත් ,පෙර කාලයේ බලය හෙබවූ ප්‍රාදේශීය සභා පාලකයන් කමිටු පිහිටවූ ආකාරය තමන් හොඳින් දන්නා බවත් , විපක්ෂයේ සභිකවරුන් සෑම විටම තමා ඉලක්ක කරගන්නා බවත් පැවසීය. ඔහු විපක්ෂ සභිකයන්ගෙන් ඉල්ලා සිටියේ තවත් කමිටු කිහිපයක් සඳහාම සභිකවරුන් පත් කර ගැනීමට නියමිත බවත් ඒ සඳහා විපක්ෂ සභිකවරුන්ට අවස්ථාවක් ලබාදෙන බවත් , එනිසා කලබලයට පත් නොවන ලෙසද ඔහු විපක්ෂ සභිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එලෙසම විපක්ෂය නියෝජනය කරන පොදු ජන එක්සත් පෙරමුණේ සභික චමින්ද රත්නායක මහතා පැවසුවේ පෙර සභාව පාලනය කළ පොදු ජන එක්සත් පෙරමුණේ හිටපු සභාපති ලීලානන්ද සිල්වා මහතාගේ ධූර කාලයේදී මෙම සභාවේ සිටි ජේ.වී.පී. පක්ෂයේ වින්සන් නමැති සභිකවරයා ව එවක සෑම කාරක සභාවකටම නියෝජිතයෙකු ලෙස පත් කළ බවයි. එහෙත් මෙවර එවැනි තත්ත්වයක් සභාව තුළ දක්නට නොලැබෙන බවත්, විපක්ෂ සභිකයන්ට සභාවේ ප්‍රධාන කාරක කමිටුවලට නියෝජනයක් ලබා නොදීම පිළිබඳව තමාගේ නොකමැත්ත දැඩි සේ ප්‍රකාශ කරන බවද පැවසීය.
මෙහිදී කතා කළ විපක්ෂයේ ස.ජ.බ. පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සභිකයෙකු වන ලසන්ත දීපාල් මහතා පැවසුවේ, තමාව පත්කර ඇති කර්මාන්ත කාරක සභාවෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. එයට හේතු ලෙස ඔහු ප්‍රකාශ කෙරුවේ මුදල් කාරක සභාව සඳහා ජ්‍යෙෂ්ඨ විපක්ෂ සභිකයකු නම් නොකිරීම සහ ප්‍රසම්පාදන කාරක සභාව සඳහා විපක්ෂයේ කිසිදු සභිකයෙක් නම් නොකිරීම යන හේතු මුල් කරගනිමින් ඒ සඳහා විරෝධය ප්‍රකාශ කිරීමට කර්මාන්ත කාරක සභාවෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

IMG 20250630 WA01511

ඉන්පසු සභාපතිනි නිෂානි ඉරේෂා මහත්මිය සභාව ඇමතීය.ඇය එහිදී ප්‍රකාශ කළේ තමන් කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස කිසිදු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබා නොදී, කිසිදු කපා දැමීමක් කර නොමැති බවයි. එමෙන්ම තමාගේ පෙර තිබූ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොවුන බවත්, මේ සභාවේ සියලු දෙනා පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව එකම කණ්ඩායමක් සේ පිළිගන්නා බවත් , එකම කණ්ඩායමක් ලෙස කටාන ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා එකමුතුවෙන් හා නිවැරදි ආකාරයෙන් වැඩ කළ යුතු බවත්, සභාපතිනිය ලෙස සියලු සභිකයන්ට ඒ සඳහා ආරාධනා කරන බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසීය.IMG 20250710 001210 IMG 20250630 WA01501

විපක්ෂ සභිකයන්ගේ විරෝධතා සහ තර්ක විතර්ක මැද අවසානයේදී සභාපතිනිය ගෙන ආ එම යෝජනාව සභා සම්මත වූ බවට එහිදී ප්‍රකාශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here