මිගමුව කියන්නේ ඇත්තටම වානිජමය විභවයක් සහිත බස්නාහිර පළාතේ් ප්‍රධාන නගරයක්.
පහුගිය දශක දෙකකට ආසන්න කාලයක් මේකේ පාලනය සොරමුලක් යටතට පත්වෙලා තිබුනේ.
ඒ හින්දම මිගමුවට අදාලව ආර්ථික වශයෙන් තිබුන විභවය ප්‍රයෝජනයට ගන්න බැරිවුනා.
ඇක්වුවලි , මේක සිරියස් අපරාධයක්.
වැඩේ කියන්නේ දැන් ඉන්න අයට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්ණය .
ඇක්චුවලි, ඒකත් දැන් ෂුවර් නැ කියන එක දවසින් දවස පැහැදිලි වේගන එනවා.
මිගමුව කියන නගරයට ප්ලේන් එකක් හදන්න කියල මයිනර් කෑලි ටිකක් ලැබිල තියෙනව.
මිගමුව ඇක්චුවලි බියුටිෆුල්
.BUT මිගමුව පාලනය කරන මාලිමාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයට මිගමුව ගොඩදාගන්න පුලුවන්කමක් නැති බව දැන් පැහැදිලි වෙමින් තියෙනව.
මැයි මාසේ ඉදන් මාධ්‍ය සංදර්ශන සහිත කාණු වැඩේ ඇරෙන්න මිගමුවට දැනෙන දෙයක් මිගමුවේ පුරවැසියෝ ඉල්ලපු කිසිම දෙයක් සිද්ධ වෙලා නැ.
මිගමුව සොරමුලක පාලනයකින් ගලවගෙන වැඩබැරි ටාසන්ල පිරිසකගේ අතට පත්විම ඇක්චුවලි සෝ සැඩ්..
නිමල් ප්‍රනාන්දු












