අධිකරණය මගහැර සැගව සිටින වරෙන්තු කරුවෙකුගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව නීත්‍යානුකූලව
සිදු කළ යුතු බවට පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සැකකරුගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම අද (25)ප්‍රතික්ෂේප කළේය.
අධිකරණයට ගෙන්වාගත නොහැකිව සැඟව සිටින වරෙන්තු කරුවෙකුට අධිකරණයට එන්නැයි බලකරමින් ප්‍රකාශන නියෝගයක් නිකුත් කර දින තිහක කාලයකට පසුව ඔහුගේ දේපළ තහනම් කිරීම අධිකරණ නඩු විධාන සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථා ප්‍රතිපාදනය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, දින 30ක් පසුවීමෙන් පසුව දේපළ තහනම් කිරීමේ නියෝගයක් ලබා ගැනීමට ඊයේ දින නිකුත් කරන නියෝගය කිසිදු බලපෑමක් නොවන බවද සඳහන් කළේය.
සැකකාර සේනාරත්න ගේ කොළඹ කඩුවෙල පිහිටි රුපියල් කෝටි තුනක් වටිනා දේපළක් තහනම් කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ මෝෂම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෝෂමට කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට ලබන 29 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් පසුගිය 20 වෙනි දින ප්‍රකාශනයක් නිකුත් කළා.
අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 60 (1)වගන්තියේ ප්‍රකාරව සැකකරුගේ දේපළ තහනමට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
අදාල දේපළ තහනමට ගන්නැයි දන්වා කඩුවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට හා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කරන ලෙසද නීතිඥවරිය ඉල්ලා සිටියාය.
2012 මැයි මස 10 දින SCO.WOOD CO.LMT නැමැති කොරියානු සමාගම විසින් කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර , එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාමට අනීතිකව අවසර ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 262ක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට නිකුත් කළ ප්‍රකාශන නියෝගය අනුව ඔහු ලබන 29 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත්, අධිකරණ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අධිකරණයට ගෙන්වා ගත නොහැකි සැකකරුවකු ගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව දින තිහක කාලයක් තුළ ඔවුන් නොපැමිණියහොත් සිදු කළ යුතු බවට සඳහන් වන හෙයින් අදාල ඉල්ලීම මේ මොහොතේ ප්‍රතික්ෂේප කරන බවට නියෝග කළේය.
ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය අනුව නියමිත දින වකවානුවලදී අදාළ නියෝගය ලබා ගැනීමට ඊයේ නිකුත් කරන නියෝගය බාධාවක් නොවන බවද ප්‍රකාශ කළේය.
(lankadeepa | රෝෂන් තුෂාර)












