හිටපු අමාත්‍ය නිමල් ලන්සා රු.. ලක්ෂ 02 බැගින් ශරීර ඇප 02 ක් මත මුදාහැරේ.

0
529

 

2006 වසරේ මාර්තු 08 වැනි දින, කොච්චිකඩේ පල්ලංසේන ප්‍රදේශයේ සිදුවූ ගිනිඅවි ආඥා පනතේ 26 වැනි වගන්තිය යටතට ගැනෙන සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කනු ලැබූ හිටපු අමාත්‍ය නිමල් ලංසාව රුපියල් ලක්ෂ 02 බැගින් වන ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු කාවින්දා නනායක්කාර මෙනෙවිය අද පෙරවරුවේ දී ( 08/09;2025) නියෝග කළාය .
ජනාධිපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉදිරිපත් කළ මොසමක් කැඳවනු ලැබු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය එම නියෝග නිකුත් කළාය.
ඒ අනුව හිටපු අමාත්‍ය නිමල් ලන්සාව මහාධිකරණයෙන් ඇප මත නිදහස් කිරීම පිළිබඳව සියලු ඇප නියෝගයන් නිකුත් කරනු ලැබුවේ අද දින (08/09/2025), පස්වරුවේ, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන විනිසුරු රඛිත අබේසිංහ මහතා විසිනි.

හිටපු අමාත්‍ය නිමල් ලංසා සහා හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනාව සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පසුගිය 29 වැනිදා (08/29) නියෝග කළේය.

පසුගිය අගෝස්තු 29 වැනි දින (29/08/2025) මීට වසර 19 කට පමණ පෙර සිදුවූ එනම්, 2006 මාර්තු මස 08 වැනි දින සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ” බී ” වාර්තාවක් ගොනු කරමින් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කරුණු දක්වමින් සඳහන් කළේ 2006.03.08 දින රාත්‍රි 10.30ට පමණ ජොසප් මයිකල් පේරේරා මාවතේ නිවසකට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම නඩුව සඳහා පසුගිය අගෝස්තු 28 වැනි දින ( 28/09 /2025 ) නීතිපතිවරයාගේ ලැබුණු උපදෙස් මත නිමල් ලන්සා සහ බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා අත තුවක්කු තිබු බව සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි මත පෙනී යන බැවින් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරැනු අතර එහිදී ඔවුන් දෙදෙනාවම සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබිණි.

හිටපු අමාත්‍ය නිමල් ලංසා ව අද දින (08/09/2025) පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී කොළඹ ප්‍රදේශයෙන් පැමිණි ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිරිසක් සහ, ජේෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටි අතර මෙම නඩුව නැවත කැඳවීම එළඹෙන 12 වැනි සිකුරාදා (12/09/2025) දින පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here