මාලදිවයිනේ මාධ්‍ය පාලන පනතට එරෙහිව ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

0
253

 

 

මාලදිවයිනේ මාධ්‍ය නියාමන පනතට එරෙහිව සිදුවන විරෝධතාවලට සහය පළ කරමින් ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (17) කොළඹ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.

මාලදිවයිනේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමත්, එරට මාධ්‍යවේදින්ගේ වෘත්තීය අයිතිය හා නිදහස තහවුරු කිරීමත්, ඊට මර්දනය කැඳවන යෝජිත පනතට කළාපීය රටක පුරවැසියන් ලෙස සංකේතාත්මකව විරෝධතාව දැක්වීමත් වෙනුවෙන් කෙරෙන විරෝධතාවක් ලෙස මෙය සංවිධානය වී තිබුණා.IMG 20250917 WA0077IMG 20250917 WA0076 IMG 20250917 WA0075 IMG 20250917 WA0074 IMG 20250917 WA0073 IMG 20250917 WA0072

විරෝධතාවයට එක් වූ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස කියා සිටියේ, මෙම පනත් කෙටුම්පත මාලදිවයිනේ ඇතුලු කලාපයේ මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් බවයි.

විරෝධතාව අතරතුර, ඔවුන් මාලදිවයින් මහ කොමසාරිස් කාර්‍යාලය වෙත සංදේශයක් භාර දුන් අතර, මාධ්‍ය ඇතුලු ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙස මාලදිවයින් රජයෙන් ඉල්ලා සිටියා.

මෙම පනත, මාධ්‍යවේදීන්, විපක්ෂ නීති සම්පාදකයින් සහ ව්‍යවස්ථාදායකය පිටත මහජනතාවගේ විරෝධතා නොතකා ඊයේ (16) වන දින මාලේ හි පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයකදී සම්මත කර තිබෙනවා.

සම්මත කළ මෙම පනත නීතියක් ලෙස බලාත්මක වන්නේ, එරට ජනපතිවරයා ඊට අත්සන් කිරීමෙන් පසුව වන අතර අද විරෝධතාවය අතරතුර සංදේශය භාරදෙමින් මාධ්‍යවේදීන්, එරට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ඊට අත්සන් නොතබන ලෙසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here