පළාත් පාලන සතිය වෙනුවෙන් රුක් රෝපණය..

0
330

 

 

මීගමුව මහ නගර සභාව ,හරිත කමිටුව,වනරක්ෂණ දෙපාර්තමේන්තුවව ඒකාබද්ධව පළාත් පාලන සතිය නිමිති කොට ගෙන
රුක් රෝපණ වැඩසටහනක් 19 වෙනිදින සිදු කරන ලදී ,මෙම වැඩසටහන මීගමු නගර මධ්‍ය කේන්ද්‍රකර ගනිමින් ප්‍රධාන බස් නැවතුම්පොළ නැවතුම්පොළ අසලින් ආරම්භ විය,

IMG 20250919 WA0015 IMG 20250919 WA0011 සමෙම අවස්ථාවට නගරාධිපති හින්කෙන්ද, කොමසාරිස්වරිය නුවනි සුදසිංහ,නාගරික මන්ත්‍රිවරුන්  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නගර  මධ්‍යයේ පිහිටි මීගමුව හදවත බඳු බස් නැවතුම්පොළ අසල භූමියෙන්,මෙහි ගහ කොළ තරමක්අඩුයි,ගොඩනැගිලි වැඩිය පිහිටා තිබෙනවා,ඒ අනුව හිස්ව තිබෙන මෙම භූමි ප්‍රදේශයෙන් නගරයට ජීවයක් ලබා දෙන්න පුළුවන් නම් එය හොඳ වැඩක්,

IMG 20250919 WA0021

පරිසරය ආරක්‍ෂා කරගැනීමේදී ගහ කොළ පමණක් හිටෙව්වා කියලා හරියන්නේ නැහැ ,අපි එම ගහ කොළ රැක ගන්නත්, ආරක්ෂා කරන්ඩත්, පෝෂණය කරන්නත් ඕනෑ, අපි ගහකොළ හිටවලා ගිහිල්ලා අපි ඒවා ආරක්ෂා කර ගන්නේ නැත්නම් එයින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ,පරිසරයට ඉබාගාතේ කුණු කසල බැහැර කරනවානම් අපි විසින් පරිසරය දූෂණය කිරීමට දායක වෙනවා,අපි කාපු ටොපි කොලය,යෝගට් කෝප්පේ ,දමන්න ඕනෑ කොහාටදැයි කියලා හැඟීමක් තියෙන්ට ඕනා,එහෙම නැත්නම් අපි මේ මහ පොළොවට බරක් හා සාපයක් වෙනවා,විනය කියලා කියන්නේ කවුරුත් ඇවිල්ලා බලලා නීතිය ක්‍රියාත්මක කරන එක පමණක් නෙමෙයි,අද මම හැමෝටම ආරාධනා කරනවා විනයගරුක පුරවැසියන් ලෙස පරිසරය ආරක්ෂා කිරීමට,පුරුදු පුහුණුවී කටයුතු කරන ලෙස ,,,,,

සටහන හා ඡායාරූප රේමන් අපෝන්සු

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here