ලෝක ,රෝගී ආරක්ෂණ දිනය වෙනුවෙන්, මීගමු රෝහලේදී, අධ්‍යාපනික ප්‍රදර්ශනයක් . ….

0
475

.

ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization- WHO) මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි සෑම වසරකම සැප්තැම්බර් 17 දිනට යෙදෙන ” ලෝක රෝගී ආරක්ෂණ දිනය” ( World Patients Safety Day )නිමිත්තෙන් මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේදී අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ. පසුගිය 17 වැනි දින (17/09/2025) ආරම්භ වූ මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය තෙදිනක් පුරා පවත්වන අතර අද (19/09/2025) එහි අවසාන දිනයයි.
වෙනත් වසර වලදී ද ” රෝගී ආරක්ෂණ දිනය” වෙනුවෙන් විවිධාකාර වැඩසටහන් මෙරට සෑම රෝහලකම පාහේ පැවැත්වුවත්, මෙම දිනය අරමුණු කරගෙන සහ මෙම දිනයට සමගාමීව මෙවැනි අධ්‍යාපනික ප්‍රදර්ශනයක් මීගමුව දිස්ත්‍රික් මහා රෝහල තුළ සංවිධානය වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

IMG 20250919 WA0029 1IMG 20250919 WA0027IMG 20250919 WA0030IMG 20250919 WA0031 1මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මියගේ සංකල්පනාවකට අනුව මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය මේ ආකාරයෙන් සංවිධානය කර තිබිණි.IMG 20250919 WA0032

” ළමා සහ අලුත උපන් දරුවන්ගේ ආරක්ෂාව”
මෙවර ලෝක රෝගී ආරක්ෂණ දිනයේ මූලික තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම තේමාව පාදක කරගනිමින් එම තේමාව තුළ දැනුවත් විය යුතු වැදගත් සහ ප්‍රධාන කරුණු කාරණා රැසක්, මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය මගින් දැනුවත් කිරීම සිදුවේ.
ඒ අනුව කුඩා දරුවන්ට නිවසේදී සිදුවන අනතුරු වලින් දරුවන්ව වලකා ගැනීම, එලෙස අනතුරකට පත් වූ අවස්ථාවකදී පිළිපැදිය යුතු කරුණු කාරණා සහ ලබා දිය යුතු ප්‍රථමාධාර ආදිය පිළිබඳවද මෙම ප්‍රදර්ශනය මගින් දැනුවත් කෙරේ. එලෙසම ඇස්, කන්,නාස්, ආශ්‍රිතව දරුවනට සිදුවන අනතුරු පිළිබඳවත්, එලෙස අනතුර සිදුවූ විට පිළිපැදිය යුතු මූලික හා වැදගත් කරුණු කාරණ රැසක් හා ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳවද එලෙසම උපතේදී දරුවන්ට දත් වල ඇතිවන විකෘතිතා සහිත අවස්ථාවලදී ඒවා යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට ලබා දිය හැකි ප්‍රතිකාර සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ආදිය ඇතුළු කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව තවත් කරුණු කාරණා රැසක් බැනර්, පෝස්ටර්, මගින් දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් දැනුවත් කිරීම මෙම ප්‍රදර්ශනයේ දී සිදුවේ.
එලෙසම දරුවකු ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින මවකට අවශ්‍ය උපදෙස් ආදියත් දරුවෙකු කුස තුළ පිළිසිඳගත් මොහොතේ සිට දරුවා ප්‍රසූත කළ පසු පවා මවකට අවශ්‍ය සියලු සායනික උපදෙස් ඇතුළු සියලු කරුණු කාරණා මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය තුළින් මනාව විදහා දැක්වේ. එලෙසම එහි සිටින හෙද නිලධාරීනියන් විසින් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මව්වරුන්ට අවශ්‍ය දැනුවත් කිරීම විශේෂයෙන්ම දරුවෙකු ලැබීමට සිටින මව්වරුන්ටත්, දරුවන් ලැබුණු පසුවද මව සහ අලුත උපන් දරුවා ආරක්ෂා කළ යුතු අන්දම පිළිබඳවත්, එම ආරක්ෂක ක්‍රමවේදයන් සම්බන්ධවද මෙහිදී උපදෙස් ලබාදීමද සිදුවේ.
මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සම්බන්ධීකාරකවරිය වශයෙන් කටයුතු කරන වෛද්‍ය කාංචනා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළේ මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශාල සහයෝගයක් හිමි වූ බවයි.
හිමාලි විජේසිංහ, අරුණි විජේසිංහ, චම්පා වික්‍රමසිංහ සහ නිමාලිකා හෙට්ටිආරච්චි යන මීගමු රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ද, එලෙසම අතුල ප්‍රනාන්දු සහ ජගත් හේරත් යන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ද ඇශ්මෝ රණසිංහ සහ රොෂාන් දසනායක යන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ද මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට විශාල සහයයක් ලබාදී තිබිණි.
තවද අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් ගනේගොඩ, උගුර කන් නාස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්zනි සකාෆ් , මුඛ හනුක ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගයාත්‍රි ගුරුසිංහ සහ විකලාංග දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය කණිෂ්කා සමරසිංහ යන විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කිරීමේදී විශාල සහයෝගයක් ,එම රෝහල් කාර්ය මණ්ඩලයට ලබා දුන් බවද වාර්තා වුණි.IMG 20250919 WA0024IMG 20250919 WA0026

ඡායාරූප.-
රේමන් අපොන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here