මීගමුව, බෞද්ධ සදාචාරවර්ධන සමිතියට වසර 96 ක් පිරේ

0
423

 

මීගමුව, බෞද්ධ සදාචාරවර්ධන සමිතියට වසර 96 ක් පිරේ

“ධර්මා ලෝකයෙන් ප්‍රභාවිත වීම”” යන උතුම් දැක්ම පෙරදැරි කරගෙන වර්ෂ 1929 ජුනි මස 16 වැනි දින මීගමුව, හලාවත පාරේ පිහිටි ශ්‍රී ධම්මානන්ද ආවාසයේදී සිංහල සහ දමිළ සාමාජිකයන් 12 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මීගමුව, බෞද්ධ සදාචාරවර්ධන සමිතියට සැප්තැම්බර් 28 වැනි දිනට වසර 96 ක් සපිරේ. එලෙස ශ්‍රී ධම්මානන්ද ආවාසයේ දී ආරම්භ කළ මීගමුව ,බෞද්ධ සදාචාරවර්ධන සමිතිය, පසුව එය මීගමුව, ග්‍රීන්ස් පාරේ 129 හි පිහිටි , වර්තමානයේ මීගමුව බෞද්ධ මන්දිරයේ ස්ථාපිත කර තිබේ.
ඒ අනුව මීගමුව, බෞද්ධ සදාචාරවර්ධන සමිතිය මගින් බෞද්ධ සංස්කෘතිය, සදාචාරය සහ බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමත්, බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමත් යන මාහැඟි පරමාර්ථයන් කිහිපයක් පෙරදැරි කර ගනිමින් මීගමුව නගරය තුල සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි.

වර්තමානය වන විට සාමාජිකයන් 200 ක පමණ සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන මීගමුව, සදාචාරවර්ධන සමිතිය මේ වන විට සභාපති, ලේකම්, භාණ්ඩාගාරික උපසභාවතිවරුන් 05 දෙනෙකු, සහ උපලේකම්වරයෙකු ඇතුළු කළමනාකරන කමිටු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් කළමනාකරන කමිටුවක් මගින් පරිපාලන කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව මෙම සමිතිය මගින් සෑම පුන් පොහෝ දිනකම ධර්ම දේශනා , ශීල ව්‍යාපාර, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් ඇතුළු පින්කම් රැසක් බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදු කරන අතර, සිසු සිසුවියන් 40 දෙනෙකු පමණ සහභාගි වන ඉරුදින දහම් පාසලක්ද මේ වන විට මීගමුව බෞද්ධ මන්දිරය තුළ පවත්වාගෙන යනු ලබයි.
තවද මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියට මෙලෙස වසර 96 ක් සපිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන පින්කම් අතර සුවිශේෂී පින්කමක් ලෙස සුමදුර ධර්ම දේශනයක් එම සමිතිය මගින් පැවැත්වීමට මේ වන විට කටයුතු සංවිධානය කර තිබේ.ඒ අනුව ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලන්ගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන එම ධර්ම දේශනය සැප්තැම්බර් මස 28 වෙනි ( 28/09/2025) දින සවස 6.00 ට මීගමුව , බෞද්ධ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, මීගමුව, සදාචාරවර්ධන සමිතියේ සියලු සාමාජිකයන් විසින් මීගමුව සහ මීගමුව අවට බෞද්ධ ජනතාවටත් බෞද්ධ නොවන, ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැදි සියලු දෙනා වෙත මෙම සුමදුර ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා පැමිණෙන ලෙසද ආරාධනය කර සිටී.

WhatsApp Image 2025 09 25 at 13.07.15 2b250d2e

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here