මාළු මිළ පහලට ! අද හොදිකාරයන්ට හොඳ දවසක්!

0
706

අද සෙනසුරාදා .හොදිකාරයෝ ලෙල්ලමට වැඩිපුර එන දවසක්.අද හැබැයි එයාලට හොදයි.මොකද මාළු වර්ග ගොඩක් තියෙනව.බලල කරල තෝරලම ගන්න පුලුවන්.

මිගමුවේ දූව ⁣පිටිපන ලෙල්ලම අද සරුයි .මොකද මාළු ජාති ගොඩක් ඇවිත් තියෙන නිසා.එයාල හොදිකාරයෝ කිව්වේ ගෙවල් වලට හොද්දට මාළු ගන්න එන අයට .

කව්ද අකමැති හුරුල්ලෙක් බැදල කන්න .වැඩේ කියන්නේ පහුගිය කාලේ ඒක ටිකක් අමාරු වැඩක් වෙලා තමයි තිබුනේ.

එකක් මිළ ,අනික හුරුල්ලෝ ලෙල්ලමට ආවෙම නැතිඑක.

හැබැයි මේ දවස් වල වෙනස්.හුරු ල්ලෝ බැහැල ලෙල්ලමට ,ඒ හින්දම මිළත් බැහැල.

පහුගිය කාලේ හුරුල්ලෝ කිලෝ එකක් රු 900යි රු 1000යි වුනාට
අද කිලෝවක් රු 550ත් රු 600ත් අතර ගන්න පුලුවන්.

ගෙදර අයට විතරක් නෙමෙයිනේ මාළු අරන් යන්නේ .ඇයි ගෙදර ඉන්න බල්ලට, පූසට.

අද ඉතින් එයාලටත් හොද දවසක් මොකද සාලයා කිලෝවක් රු 250කට වගේ ගන්න පුලුවන්.

අද බලයෝ කෙලවල්ලෝ නම් අඩුද මන්ද?
ලින්නෝ රු 650යි .අද සෑහෙන්න කුම්බලා මාළුත් ඇවිල්ල වගේ කිලෝවක් 500ට වගේ ගන්න පුලවන්.

තවත් වර්ග ගොඩක් තියෙනව.මුහුදු කකුල්ලුත් අද ගන්න පුලුවන් ලාභෙට.

එන්න ඇවිත් බලන්න.අද හොදිකාරයන්ට හොඳ දවසක්.

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here