විනයගරුක රියදුරන් හදන්න මාලිමා රජයටත් බැරිවෙයිද?

0
295

පුනරුද ආණ්ඩුවද මහමඟ රිය අනතුරු වැඩිවිම පාලනය කිරිම සදහා විවිධ නීති මෙන්ම වැඩසටහන්ද ක්‍රියාත්මක කළද විනයගරුක රියදුරන් බිහිකිරිමට මේ එක් උත්සාහයකටවත් තවමත් නොහැකිව තිබේ.

⁣ඊයේ දිනයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසැල් දරුවෙකුට දිවි අහිමිකළ රිය අනතුරු තවත් එක් ⁣ඛේදවාචකයක් ලෙස ඉතාහාසයට එක්වි හමාරය.

 

ගම්පහ මිනුවන්ගොඩ පාරේ වීදියවත්ත හන්දියේ  04 පෙ.ව. 11.15ට පමණ සිදු වූ රිය අනතුරකින් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ

ප්‍රදේශවාසීන් පවසන්නේ වේගයෙන් පැමිණි ලොරි රථයක් පාසල් සිසුවා යට කරගෙන මෝටර් රථයක සහ ත්‍රීවිල් රථයක ගැටී නතර වූ බවය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.

ලොරි රථයේ හිස් බියර් කෑන් එකක් තිබූ බවද ප්‍රදේශවාසීන් කියා සිටිති.

සිද්ධියෙන් අනතුරුව එම ස්ථානයෙන් පලාගිය රියැදුරු ගම්පහ පොලිසියට භාරවී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here