
මීගමුව විජයරත්නම් හින්දු මහ විද්‍යාලයේ 70 වන සංවස්තරය මීගමුව නගර මධ්‍යයේ වීථි සංචාරය කරමින් සිදු කළ පාගමනකින් 06 වෙනිදින සමරන ලදී.
මේ සඳහා විද්‍යාලයේ ගුරුබවතුන්, සිසු දරු දැරියන්, දෙමව්පියන් සහභාගි වූ අතර ආදි ශිෂ්‍යයෝ මේ සඳහා විශාල දායකත්වයක් දක්වා තිබුණි විජය හින්දු ශක්ති සංවිධානයද මේ සඳහා දායකත්වයක් දක්වා ඇත ,හින්දු චාරිත්‍ර අනුකූලව නැටුම් ගැයුම් වැයුම් මෙන්ම විවිධ කලා නිර්මාණද ප්‍රදර්ශනය කරමින් මෙම පා ගමන පැවැත්වුණි,විචිත්‍ර වූ මෙම පා ගමන නරඹීම සඳහා විශාල ජනතාවක් මෙම අවස්ථාවේ රැඳී සිටියහ,සම්පූර්ණ පා ගමන තුළ අහසේ විද්‍යාලේ ධජයක් රැගෙන ඉතා පහළින් හෙලිකොප්ටරයක් ගමන් කිරීම මෙහිදී සිදුවූ විශේෂෂ සිද්ධියකි.පා ගමනින්අනතුරුව විද්‍යාල පරිශ්‍රයේ සංගීත වැඩසටහනක් ද සිදු කරනබව සංවිධායකයෝ පැවසූහ.
රේමන් අපෝන්සු මීගමුව












