නාගරික ලේකම් බොරු කියයි! මාධ්‍යවේදීන්ට නිල වශයෙන් ආරාධනා කරන බව කොමසාරිස්වරිය පවසයි.

0
578

 

( 3.15 pm ) මීගමුව මහා නගර සභාවේ පවත්වන මාසික මහා සභා රැස්වීම් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් හට නිල වශයෙන් ආරාධනා නොකිරීම පිළිබඳව නාගරික කොමසාරිස්වරියගෙන් විමසන අවස්ථාවේදී, නාගරික කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ නාගරික ලේකම්වරිය විසින් මාධ්‍යවේදීන් හට ඒ සඳහා ආරාධනා කළ බවට පැවසූ බවයි.

මීගමුව මහා නගර සභාවේ නව නගර සභා පාලනය පත්වූ දා සිට එනම් මීට මාස තුන හතරකට පමණ පෙර සිටම පැවැත් වූ මහා සභා රැස්වීම් කිසිවක් සඳහා මීගමුව මහා නගර සභාව මගින් මාධ්‍යවේදීන්ට නිල වශයෙන් ආරාධනා නොකළ බව සඳහන් කළ යුතුව ඇත.
තත්ත්වය එසේ තිබියදී අද දින (15/10/2025) මේ පිළිබඳව නාගරික කොමසාරිස්වරියට ලේකම්වරිය පවසා ඇත්තේ අසත්‍යයක් බවද සඳහන් කළ යුතුව ඇත.

කෙසේ වෙතත් එහිදී නාගරික කොමසාරිස්වරීය ප්‍රකාශ කළේ ලබන මස සිට පැවැත්වෙන මාසික මහා සභා රැස්වීම පිළිබඳව නිල වශයෙන් මාධ්‍යවේදීන් සඳහා ආරාධනා කිරීමට තමන් කටයුතු කරන බවයි.

මේ අතර පසුගිය පාලන සමයන් හිදි  මාසික මහා සභා රැස්විමේ න්‍යාය පත්‍රයද සමග විධිමත් ලෙසින් සියලුම මාධ්‍යවේදින්ට ඇරයුම් කරන ලද ඉතිහාසයක් තිබුන බවද මෙහිදි අවධාරණය කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here