මාළු මිරිසට ,ගම්මිරිසට,ඩෙල්වල් දාලා ,බැදල ,ඇඹුල් තියල් දාල කව්ද කන්න අකැමැති
එහෙම ආස අයට මෙන්න ලාස්ට් චාන්ස් එක.මේ විදියට මිගමුවේ දූව පිටිපන ලෙල්ලම පිරෙන්න මාළු එන්නේ තවත් සති දෙකක් වගේ කාලෙකට විතරයි.ඒ කියන්නේ පට්ටම ලාබෙට මාලු ගන්න පුලුවන් මේ දවස් වල විතරයි.
දැන් සතියක වගේ කාලෙක ඉදන් මිගමුවේ දූව පිටිපන ලෙල්ලම පිරෙන්න මාළු එනව.මිළත් පහල ගිහින්.
මේ දවස්වල ලංකාව පුරාම මූද වලලායි, ධීවරයෝ මේ කාලෙකට කියන්නේ තල මෝසම කියල.
මේ කාලේ උතුරේ,නැගෙනහිර දකුණේ බස්නාහිර වයඹ මේ හැම මුහුදු තීරයකම මාළු ඇතිවෙන්න අහුවෙනව.
හැබැයි මේ කාලේ තවත් සති දෙකකින් ඉවර වෙනව කියල තමයි ධීවරයෝ කියන්නේ.
ඉතින් අද හොද දවසක් .අදත් මාළු පට්ට ලාභයි.
සාලයා රු 100 යි.බලයා රු 500යි යි.හුරුල්ලා රු500යි.පරා පැටව් 400යි.ලින්නා රු 450යි.කුම්බලවා රු 450යි.
තවත් වර්ග ගොඩකම මිළ ලාබයි.
අද සෙනසුරාදා ,ගෙදර කන්න මාළු ගන්නව නම් අද තමයි දවස.


















