කොච්චිකඩේ දුම්රිය පවුලේ වැඩක් !

0
720

 

” පිරිසිදු ශ්‍රී ලංකාවක් ” යන වර්තමාන ජනබලවේග රජයේ ප්‍රධානතම තේමා පාඨයක් මුල් කරගනිමින් ” දුම්රිය පවුල ” වැඩසටහන යටතේ මෑතක දී පිහිටුවා ගත් කොච්චිකඩේ, දුම්රිය පවුල සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් එහි පළමු සමාජ සේවා ව්‍යාපෘතිය ලෙස කොච්චිකඩේ දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම හා අලංකාර කිරීම සඳහා වන විශේෂ ශ්‍රමදානයක් පසුගියදා පැවැත්වීය.

IMG 20251023 WA0026 IMG 20251022 WA0095 IMG 20251022 WA0094 IMG 20251022 WA0093 IMG 20251022 WA0092 IMG 20251022 WA0091 IMG 20251022 WA0090 IMG 20251022 WA0089 IMG 20251022 WA0088 IMG 20251022 WA0086
උදෑසන 7.00 සිට මධ්‍යහන 12.00 පමණ වන තෙක්, පුරා පැය 05 ක පමණ කාලයක් තිස්සේ පැවැති මෙම ශ්‍රමදාන වැඩසටහන මගින් කොච්චිකඩේ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය ද දුම්රිය ස්ථානය අවට එළිමහන් පරිසරයද එළිපෙහෙළි කිරීම සහ අවට වැවී තිබූ තණකොළ ආදී අවශේෂ පැළෑටි සහ ශාකයන් කපා ඉවත් කිරීම සිදුකෙරිණි. එලෙසම දුම්රිය ස්ථානයේ පිවිසුම් මාර්ගයට වැවී තිබූ විශාල ගස් වල අතු කපා දැමීමද එදින ශ්‍රමදාන වැඩසටහනේදී සිදුවිය..
මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා මීගමුව නගරාධිපති රොබටි හීන්කෙන්ද මහතා විසින් මහා නගර සභාවේ සේවකයන් සහ ට්‍රැක්ටර් රථ ආදී යන්ත්‍රෝපකරණ ද සපයා තිබිණි.
ඒ අනුව මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා ,මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා, කොච්චිකඩේ පොලිස් ස්ථානයේ රථවාහන පොලිස් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ දේවප්‍රිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ නිලධාරිනියන් පිරිසක් සහභාගී වූහ.
එලෙසම කොච්චිකඩේ දුම්රිය පවුල සංගමයේ සභාපති ශ්‍රියන්ත ෆොන්සේකා මහතා ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් සහ, මෙම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු එහි සේවකයන් පිරිසක්ද එලෙසම එම වසමේ ග්‍රාම නිලධාරීවරිය ඇතුළු ගම්වාසින් පිරිසක්ද මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here