මීගමුවේ ජල ගැලිම් ප්‍රශ්ණය මන්ත්‍රීලා⁣ගේ මාධ්‍ය සංදර්ශන වලට එහා ගිය බරපතල එකක් !

0
483

 

මහවැසි කාලයට මිගමුවේ පැති කිපයක්ම යටවෙනවා.ඒ ප්‍රදේශ වල නිවැසියන් ඒ කාලේට අපා දුක් විඳිනව.

මේ ජලගැලිම් එක්ක බැදුනු ප්‍රධාන ම එක තමයි දෙපා ඇල.

මේ තත්වය ඇති වෙන බව මේ පුනරුද පාලනයේ මන්ත්‍රීවරුන්  දන්නෙම නැද්ද?

දැන්ද කානු සුද්ද කරල ඇලවල් ගැන හොයල බලන්නේ .

අනික කට්ටුවේ දෙපා ඇල  වගේම විදිමත් විදියකට ඉදිනොකරන පාලමක් හින්ද ඒ පැත්තේ ගංවතු තර්ජන තියෙන්නේ දැන් කලක පටන්.

මිටත් කලින් ඉදන් හැම අවුරුද්දකම ඒ පැත්තේ ගෙවල් යටවෙනව.

මේ පිඩාව ගැන මිපුරට කියපු පුරවැසියෙකුගෙ අදෝනාව නිසි විදියට තේරුම් නොගත්ත මාලිමාවේ මාධ්‍ය සංදර්ශන මන්ත්‍රීන් පිරිසක් මේ බරපතල අර්බුදය සුලු කොට තකමින් ⁣ෆේස්බුක් පිටුවල කට්ටුවේ ජනතාවට හිත රිදෙන ප්‍රකාශයක් කරල තිබුන.

ඒ පැත්තේ ජනතාව කියනව මහ රැ නෙමේ එන්නලු දවල් කාලෙට හොදට කියල දෙන්න .

මේ සංදර්ශන දැම්ම කියල මිගමුව මේ වැහි කාලෙට යට වෙන එක පාලනය කරන්න බැ.ඒකට විද්‍යාත්මක විසදුමක් සැලසුම් කරන්න වෙනව.

මාලිමාව රට තුල ව⁣ගේම මිගමුවේත අර්බුදයට  යවන්න වාචලකම් ලියන කියන අයව හඳුන්වන්න අපි පොදු නමක් හොයාගත්ත.අපි එයාලට කියන්නේ මල්ලිකාල කියල.

මිගමුව ගැන මෙලෝ මලබෝලයක් නොදන්න මාලිමාවේ සමහර මන්ත්‍රීලා විතරක් නොමෙයි මාලිමාවම ගඟේ අරින්නම පච පච ගාන ඕන එකටයි එපා එකටයි බුකියේ කැත කරන මල්ලිකාලා ගැනත් වචනයක් ලියන්න ඕනා.

මේ මල්ලිකාලාට කියන්න තියෙන්නේ කට්ටුවේ මේ ජනයා විදින පිඩාව ගැන දැනගැනිමට පැමිණ ඒ ජනයා හමුවේ චණ්ඩි කතා කියා  බලන ලෙසය.

මිගමුවේ දේශපාලනය කියන්නේ බනිස් බෙදිල්ලට එහා ගිය එකක් කියල මේ මල්ලිකාලට තේරුම් ගන්න තවත් හුඟක් කල් යනව.

රට තුලත් මිගමුවේත් අරගලය හින්ද මිගමුව තුල සිදු වෙච්ච වෙනස නිවරදිව කියවා ගැනිමට නොදන්න මල්ලිකාලා බනිස් බෙදන එකට වඩා වැඩි යමක් මිගමුවට කර ඇත්නම් බුකියේ කොටන්න කියලත් අපි කැමතියි  එයාලට කියන්න.

මරු ! මොහන්ලාටම ගැ⁣ලපෙන මල්ලිකාලා

A.J.ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here