මාලිමා මන්ත්‍රී සුසන්ත⁣⁣ගේ ගොන් කථාව සහ කට්ටුවේ ගංවතුර ප්‍රශ්ණය?

0
619

 

අවුරුදු ගානක් වැස්ස කාලෙට කට්ටුව ජනතාව මුහුන දුන් ගංවතුර පිඩාවේ අවධානම ගැන අදහස කෙලින්ම කිව්වම මාලිමාවේ සුසන්ත කියන නාගරික මන්ත්‍රීවරයා එයාගේ බුකි පිටුවේ කොටල තියෙනව ඒක ගොන් කතාවක් කියල.Screenshot 20251024 082817

ඉතින් මේකෙන්ම පේනව නේද මෙයාල කව්ද කියල.අඩුම තරමේ මිනිස්සුන්ගේ පිඩාවට ඇහුම්කන්න දෙන්නවත් මේ වගේ අයට ඇත්ත උවමනාවක් හරි පුරුද්දක් හරි නැ කියන එක හරිම පැහැදිලියි.

පිඩාව විඳින්නෙ මිනිස්සු .එයාල දැන් අවුරුදු ගානක් තිස්සේ මේ කාලෙට ඔය පීඩාවට මුහුණ දෙනවා.

ජනතා නියෝජිතයෝ කියන්නේ මේ දුකට ඇහුම්කන්න දෙන්න තරම් සංවේදි කමක් තියෙන  අය වෙන්න ඕනා.

නමුත් මාලිමාවේ දැන් ඉන්න බහුතරයක් මන්ත්‍රීලා පිඩාවට පත්වුන ජනතාවගේ පිඩාව තවත් වැඩිකරනව විතරක් නෙමේ පොර ටෝක් ඉෂු කරන්නත් පටන් අරන්.

මාලිමා මන්ත්‍රීලා මේ විදියට පොර ටෝක් මන්ත්‍රීලා⁣ගෙ ගානට වැටිල තියෙන්නේ ඇයි.?

එක තමයි මෙයාල බහුතරයකට ජනතාව ගැන හෝ ඒ අයගේ ඇත්ත ගැටළු ගැන අත්දැකිම් නැ..

අරගලයෙන් පස්සේ හැදුන රැල්ල හින්ද පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා කියල කතාවට කිව්වට ඒක තමයි වෙලා තියෙන්නේ කියල දැන් හොඳටම පේනව.

අනික් කාරණය තමයි මිගමුවෙ නගරාධිපතිගේ ඔතෑනි කම.එයා දේශපාලන අධිකාරියේ ලොක්කා එයාට උඩින් කව්රුත් නෑ.

කාරක සභාවල සභාපතිල කියන්නේ පොරවල්ද ? පළාත් පාලන ධුරාවලිය තුල එයාල ලොක්කෝ නෙමේ .

කාරක සභාවට තියෙන්නේ නගරයට හෝ අදාල ක්ෂේත්‍රයේ දේවල් ගැන නිර්දේශ ඉදිරිපත් කරන එක.

මහසභාව තමයි ඒව අනුමත කරන්නේ.එහෙම නැතුව කාණුවල බැස්ස කියල බැකෝ එලවන පින්තුර බුකිගත කළා කිය එහෙම ලොක්කෝ වෙන්නේ නැ.

ඒවා මාධ්‍ය සංදර්ශන විතරයි.මේ තත්වය දැන්වත් හරියට තේරුම් අරන් නගරාධිපති හීන්කෙන්ද දේශපාලන අධිකාරියේ ප්‍රධානියාගේ භූමිකාව හරියට කරන්න පටන් ගන්න ඕනා.

එහෙම නැත්නම් සොක්කෝ ලොක්කන්ට අදින්න පුලුවන් කියල හිතාගෙන හත්පලේම ගාගෙන වැඩේ අවුල් කරනව.දැන් වෙමින් තියෙන්නේ ඒක .⁣මේක හොඳට තේරුම් අරන් නගරාධිපති ලග පිකප් කලේ නැත්නම් සොරිම තමයි.

A.J ප්‍රනාන්දු

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here