මීගමු “රෝහලේ කුණු” සහ තවත් කථා?

0
431

 

පහුගිය දවසක මිගමුවේ නගර සභාවේ නාගාරික මන්ත්‍රීවරයෙක් මිගමු රෝහල ගැන විඩියෝ එකක් දාල තිබුන.

ඒ මිගමුවේ රෝහලේ කුණු කසල ඉවත් නොකිරිම ගැන.

මේ ගැන බුකියේ හොද සංවාදයකුත් ගියා .

ඒක දාල තිබුන කෙනාට බුකියේ උපාලි නැමැත්තෙකු කියල තිබුනේ විඩියෝ අබේ කියල.උපාලි නැමැත්තා මතුකරල තිබුනෙ ලයිමේ කාණු කැට ප්‍රශ්ණයක් ගැන( හැබැයි මේ සමහර ප්‍රතිචාර දැන් බුකියෙන් අයින් කරල)

මොහාන් අබේසේකර කියන්නෙ මිගමුවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපති.
එයා බුකියේ ලියල තියෙන්නේ මිගමුව මහ රොහලේ කොටස මුදා ගන්න පියවර ගන්නව කියල.ඒක හොදයි.

මේකෙ ඇත්තම කතාව තමයි මිගමුව රෝහලේ කුණු අදිනවට මාසිකව වාහනවල ඩීසල් වියදම පියවගන්න රු 25000ක වගේ මුදලක් ගෙවන්න කියල සෞඛ්‍ය අංශය ඉල්ලල තියෙනවලු.

මීට අමතරව මිගමුව රෝහලේ ක්ලිනින් අංශයේ ආකාර්යක්ෂතාවයත් මේ කුණු කතා වලට තවත් හේතුවක්ලු.එයාල එතන තියෙන ට්‍රැක්ටර් ටේලර් එකට කුණු නොදා අවට ගොඩගහනව කියලත් චෝදනාවක් තියෙනව.

මේ වගේ රෝහල්වල කුණු අදින්නත් සල්ලි අයකරන කතාවක්  වෙනත් පැති වලින්නම් දැනගන්න නෑ.

කොහොම හරි මිගමුව රෝහල පිරිසිදුව තියෙන්න ඕනා.මේ ගැන මිගමුව මහනගර සභාවේ අදල වගකිව යුතු අය නිසි පියවර ගන්න එකට දෙන ප්‍රමුඛතාවය ඉතා වැදගත්.

අපි බලන් ඉමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here