ලෙල්ලමේ අය හොදිකාරයෝ කිව්වේ ගෙවල්වලට කෑමට මාළු ගන්න එන අයට.
සාමාන්‍යයෙන් එයාල වැඩිපුර එන්නෙ සෙනසුරාදා දවස්වලට.
ඒ එන්නේ සමහර විට සතියකටම මිගමුවේ ලෙල්ලම් වලින් මාළු ටිකක් අරන් යන්න.
අදත් සෙනසුරාදා .
මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ ගණන් හොයල බැලුම අද නරකම දවසක් නෙමේ.
පූච්චෝකණ්නි රු450යි.බෝල හබරලි රු 800යි.සාලයා පොඩි එක රු 200යි.සාලයා ලොකු රු 300යි.බලයා රු 800යි..ලින්නා රු 700යි.












