කෝටි ගණන් මුදල් හම්බ කරන් ගෙදර ගිය දයාන් ලංසා කොටුව පිට්ටනියට කරපු දේ?

0
494

මීගමුවේ පිට්ටනි ගැන පසුගිය  දිනවල සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් තිබුණි. ඒ මිපුර වෙබ් අඩවියේ පසුගිය දිනවල පළකරන ලද කාමච්චෝඩේ ක්‍රිඩා පිටියද මුලික කොට ගෙනය.

කොටුව පිට්ටනිය .jpg

 

එහිදි අප මතුකර තිබුනේ ලංසා පවුල විසින් මිගමුවේ අනෙකුත් ක්‍රිඩා පිටිද මිගමුවේ බදු ගෙවන ජනයාට ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්කරමින් ඔවුන්ගේ ගජමිතුරන්ට ලබා දි ඇති ආකාරයයි.

කොටුව පිට්ටනිය යනු මිගමුව පාපන්දු ක්‍රිඩාවෙන් ජාතික තලයට ඔසවා තැබු ප්‍රධාන ස්ථානයයි . එහෙත් ලංසා පවුල් පාලනය විසින් දැන් එයද විනාශ මුඛයට ඇද දමා ඇත.

පසුගිය 2023  මාර්තු 19 වෙනිදායින් පසු මිගමුවේ නගරාධිපති දායන් ලංසා ගෙදර ගියේය. එසේ ගෙදර යාමට ඇති අකමැතිකමත් ,ලැජ්ජාවත් නිසාදෝ නගරාධිපතිවරයා මාර්තු 15 දාම විදේස් සංචාරක් සඳහා පිටත් ව ගොස් තිබුණි.

කෙසේ වෙතත් නගරාධිපති දයාන් ලංසා සිය ධුර කාලය තුල ප්‍රකෝටි ගණනින් හම්බකරගෙන මාළිගා වැනි නිවාස ඉදිකර යාන වාහනද සමඟින් අති සුඛෝපභෝගි දිවියක් ගත කර තිබුණි.

මේ සියලු සම්පත් ඔහු විසින් ලබාගෙන තිබුනේ නගරාධිපති ධුරයේ සිටි කාලයේය. ඒ අනුව දයාන් ලංසා මිගමුවේ සියලුම ක්‍රිඩා පිට්ටනිද ඇතුළු සංවර්ධන වැඩ වැඩසටහන් කාබාසිනියා කරදමා ඔහුගේ සුඛෝපභෝගි ජිවිතය පමණක් රැකගන්නට යෙදුණි..

කොටුව පිට්ටනිය දිගු ඉතිහාසයකට හිමිකම් කියන නගරයේ සුන්දර ස්ථාන වලින් එකකි .

අප මෙම ස්ථානය අසලින් ගමන් කරන සෑම අවස්ථාවකදීම විවිධ තරාතිරමේ අය පැමිණ ක්‍රීඩා වල ⁣යෙදෙන සහ ඇවිදින , විවේක ගනිමින් සිටින අවස්ථා දැක අැත්තෙමු.

සමහර දැඩි අව්රස්මිය ඇති අවස්ථාවල පවා තම පුහුණු වීම් කරන ක්‍රීඩකයින් , පාසැල් දරුවන් අප දැක ඇත්තෙමු . එවන් සේවාවක් සපයන කොටුව පිට්ටනියේ පැවිලියන් එක මුළුමනින්ම කඩා වැටි තිබුනේ මීට වසර දෙකක පමණ සිටය.

. කිසිදු වගකිවයුත්තෙකුට මෙම තත්වය නොපෙනී යාම සැබැවින් ප්‍රශ්ණයක්ව තිබුණි.

ඉතිහාසය තුළ තිබුනු මීගමුව නගරයේ සිත් අැදගන්නා සුළු චිත්‍රය අද වන මැකි ගොසිනි.

.
මවක් තම දරුවන් පිළිගන්නාක් මෙන් කිසිදු උස් පහත් භේදයකින් තොරව මෙම පිට්ටනිය විසින් පිළිගන්නා බව අපි දනිමු . ජුපිටර්ස් වැනි ප්‍රසිද්ධ ක්‍රීඩා සංගම්වල සිට ගමේ කොල්ලන් කුරුට්ටන්ට පැමිණ තම හැකියාවන් , දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමට ඉඩ කඩ සකසා ගත් ස්ථානයකි මේ.

අතීතයේ තම ඉඩකඩම් පොදු සමාජය වෙත පරිත්‍යාග කළ පාලකයින් සිටි බව අප අසා ඇත්තමු. නමුත් අද සිදුවන්නේ එහි අනෙක් පැත්තය. පොදු ස්ථාන සොයා ගොස් එකී ස්ථාන වල කුමක් හෝ අටවා තම මඩිය තර කර ගැනීම ඒ අයගේ ප්‍රතිපත්තිය විය.

IMG-20191206-WA0035
දයාන් ලංසා 2023 සිය ධුර කාලය නිමකර යන සමයේ කොටුව පිට්ටනියේ තත්වය.

දශකයකටත් වැඩි කාලයක් මිගමුව පාලනය කළ ලංසා පාලනයේ අසාර්ථකත්වය මනින්නට කොටුව පිට්ටනියට මේ සිදුකර ඇති මේ විනාශයම ප්‍රමාණවත්ය.

මිගමුවේ සෙල්ලම් පිට්ටනි තිබුනේ ලංසා පවුලේ හිතවතුන්ට අමතර අදායම් ලබාගැනිමට මිස ක්‍රිඩකයන් වෙනුවෙන් නොවේ.
කොටුව පිට්ටනිය වැනි ප්‍රධානතම ක්‍රිඩා පිටියක් අද මේ තත්වයට පත්ව ඇත්තේද එ නිසාමය.

දැන් පුනරුද පාලනයට කිසිසේත්ම අත්හල නොහැකි වගකිමක් පැවැරි තිබේ.එනම් ලංසා පවුල පසුගිය දශකයකටත් වඩා වැඩි කාලයක් තුල මිගමුවේ ක්‍රිඩාපිටි සිය ගජමිතුරනට රිසි සේ පරිහරණය කොට ආදායම් උපයාගැනිමට ඉඩ සලසා දිම ගැන පුළුල් පරික්ෂණයක් සිදුකොට නිසි පියවර ගැනිමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here