ගෙදර කෑමට මාළු ගන්න එන අයට ලෙල්ලමේ කියන්නේ හොදිකාරයෝ කියල.
සෙනසුරාදා කියන්නේ එයාලටත් නිදහස් දවස නිසා වැඩිපුර එනව කෑමට මාළු ටිකක් අරන් යන්න.
අද හැබැයි නරකමත් නැ.ඒත් ඊයෙට වඩා නම් මාළු ටිකක් අඩුයු වගේ.
බලපැටව් නම් ටිකක් වැඩිපුර තියෙනව .කිලෝවක් රු 650යි.පුච්චෝ ඊයේ තරම්ම නැතිවුනාට අදත් තියෙනව .කිලෝවක් රු 500කට විතර යනව.
සූඩයො රු 200යි.සාලයා පොඩි එක රු 150යි.ලේන පරව් රු 700යි.හබරලි රු 750යි.
ලින්නෝ ටිකක් අඩුද මන්ද.කොහොම උනත් රු 700කට වගේ ගන්න පුලුවන්.












