මිගමුව කියන්නේ බස්නාහිර පලාතේ වේගයෙන්ම දියුණු වෙන නගර වලින් ප්‍රධානම එකක්.
මිගමුවේ ව්‍යාපාරික පදනම හදන්න මිගමුවේ කිපදෙනෙක් මුලික වුනා.
මහ පාලු තත්වෙක තිබුන නගරය ක්‍රමයෙන් බිස්නස් වැඩිදියුණු කරල තැනකට ගෙනාව.
එහෙම තමයි මිගමුව නැති දෙයක් නැති තැනක් දක්වා දියුණු වුනේ.
එහෙම දියුණු වෙච්ච මිගමුවට දැන් ප්‍රකෝටි ගණන් ප්‍රාග්ධනයත් අරන් පැරිෂුට් බිස්නස්කාරයෝ බහිනව
කැල්ටන් ,නයෝමි, රන්කා වගේ මිගමුවේ බේකරි ක්ෂේත්රය පහලම ඉදන් උඩටම ඔසවා තබන කොට පෙරේරාගේ පුත්තු ඇතුලු මෙකි නොකි මහගොඩක් මෙහෙ ඇවිත් ප්‍රාග්ධනයෙන් සෙල්ලම් දානව.
පහුගිය දවසක මිගමු ටවුමේ කොළ වගය බෙදනව කට්ටියක්.ඒකේ තිබුන මිගමුවට පැෂන් රැල්ලක් කියල.
අපි ඒත් කල්පනා කලේ පැෂන් තියෙන මිගමුවට මොන රැලිද කියල.මොකද මිගමුව කියන්නෙම පැෂන් තිබුන තියෙන තැනක්
අන්න එහෙම තමයි හැම නත්තල් කාලෙකම කොළඹ ප්‍රාග්ධනය මිගමුවට බැහැල මේ බිස්නස් වල ඉහගන්න බලන්නේ.
තව ඕන තරම් උදාහරණ දෙන්න පුලුවන්..












