කව්ද හොඳටම කලේ ? එයාලද ? මෙයාලද?

0
431

dyan 1dayan 5dayan 6dayan 9dayan 11

 

ව්‍යසන, ගංවතුර  අවස්තාවන් වලදි කව්ද හොඳටම කලේ කියල මේ දවස්වල කතා බහක් යනව.

ලංසාල තමයි හොඳටම කලේ කියලක් බුකියේ සටහන් දාන අයවත් දැක්ක.

මේ පහත පලවෙන ලිපිය අපි පලකලේ 2016 මැයි 27 වෙනිදා .අපි නැවත අද ඒක පළකරනවා.

 

අපේ  වැරදි ලියන්න එපා හොද ලිව්වහම ඇති. දවසක් දායන් ලංසා මහත්තයා අපට දුරකථන ඇමතුමක් දිලා කිව්වා.ඉතින් එදා ඉදන් මම බලන් හිටියේ එයා ගැන හොදකුත් ලියන්න ඕනේ කියල.
එයා වෙසක් කලාපයට ලයිට් 50 ක් දිල තිබුනනේ ඒ විතරක් නෙමෙයි එබිසි ලෝඩ් 17 කුත් නගර සභාවෙන් යවල තිබුන .
එජාප නගාරික මන්ත්‍රිවරුත් අද කියල තියෙන්නේ වෙසක් කලාපෙට උදව් කරන්න යවල තියන බඩු ගැන ලියන එක හරි නැ වගේ  කථාවක් .
අපි කියන්නේ  දායන් ලංසාට තමන්ගේ සල්ලි වලින් ලයිට් 50 ක් නෙමේ 100 ක් අරන් දුන්නත් අපට කමක් නෑ.

මේ තියෙන්නේ නගර සභාවේ බුම් ට්‍රක් එක
මේ තියෙන්නේ නගර සභාවේ බුම් ට්‍රක් එක

නමුත් අපි ප්‍රශ්ණ කරන්නේ බදුගෙවන ජනතාවගේ මුදල් වියදම් කරල ඡන්ද පදනම් හදාගන්න පින් අතේ කියල වැඩකරන්න කාටවත් අයිතියක් නෑ.
මේක නගාරාධිපතිවරයාත් තේරුම් ගන්න ඕනේ.
ඔන්න ඉතින් කොහොම හරි අපි දැක්ක දායන් ලංසාගේ මුහුණුපොතේ පින්තුරයක් දාල තියෙනවා කොට කලිසමක් ඇදන් බුට්ස් එහෙමත් දාල ගෙයක් සුද්ද කරනවා .,
ඉතින් අපි ඇත්තටම කල්පනා කළා දයාන්ල කරන හොද වැඩක් දැක්කම ඒකත් ලියන්න ඕනනේ කියල එයා දාල තිබුන පින්තුර 20 ම බලන් ගියා.dayan 18 dayan 12
මෙන්න බොලේ මීගමුව නගර සභාවේ බුම් ට්‍රක් එකත් තියෙනවා දයාන් ලංසාගේ මේ සමාජ සත්කාර වැඩේ අස්සේ .අපි බැලුව ඩ්‍රයිවර් කව්ද කියල .මෙන්න එකේ ඩ්‍රයිවර් ධම්මිකත් ඉන්නවා.
ඒ විතරක් නෙමෙයි බලන් ගියාම එතන වැඩවලට ඉන්න ඔක්කොම කම්කරුවෝ කර්මාන්තේ අංශේ අය.ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය අංශේ ඔවර්සියර් කෙනෙක් වෙච්ච නිරෝෂනුත් ඉන්නවා.
ඊලගට දායන් ලංසාගේ නිල කැබ් එකයි එකේ ඩ්‍රයිවර් ටිරොන්නු මේ සත්කාර ක්‍රියාවලියේ ඉන්නවා.

දැන් එතකොට මෙ සුද්ද කරන ගේ කාගෙද ?

සෑහෙන වත්කම්  තියෙන ලොකු ගෙවල් තියෙන පැත්තක්.දුප්පත් මිනිහෙක් හරි පොඩි ගෙවල් හරි පෙන්නවත් නැ.
නැතිබැරි අයගේ ගෙවල් සුද්ද කරන්න ගියා නම් කෝ ඒ මිනිස්සු ?
එතකොට තමයි දැක්කේ මේ එක පින්තුරෙක සුදු නෝනා කෙනෙක් ඉන්නවා.
ඒ කියන්නෙ මේ විදේශික කාන්තාවක්ගේ නිවසක් ?
දැන් මොකද මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමයි නගරාධිපති තුමයි කියන්නේ .
මීගමුවෙ බදුගෙවන මිනිස්සුන්ගේ  වාහනයි සේවකයොයි ඔක්කොම අරන් ඇවිත් සුද්දියෙක්ගේ ගෙයක් සුද්ද කරනවා.
කව්ද ?,මීගමුවේ නියොජ්‍ය නගරාධිපති්්

නියෝජ්‍ය නගරාධිපතිගේ නිල රථය
නියෝජ්‍ය නගරාධිපතිගේ නිල රථය

අනේ දෙයියනේ යන්තම් ලංසා පවුලේ හොදක් ලියන්න ඕන කියල හිත හදාගෙන ලියන්න පටන් ගත්තු කථාවේ අස්සේ අන්තිමට මාට්ටු වුනේ තවත් පට්ට හොරකමක් .
ඉතින් අපි මේව හෙළිකරපුවම මන්ත්‍රිලට හරියට රිදෙනවා.
එයාල හිතන් ඉන්නේ බදු ගෙවන ජනතාව ඉන්නේ එයාලාගේ මේ පට්ට හොරකම් නඩත්තු කරන්න කියල .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here