පැවැති අයහපත් කාලගුණික තත්වය පිලිබද තත්වය කළමණකාරණය කරමින් සිටින පසුබිමක ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා රටේ පුරා ඇති අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකළ යුතු බවද අවධාරණය කර සිටියේය.
දියහොඳ ඇල ගොඩකරමින් 2019 වසරේ අග භාගයේදි ඉදිකරමින් තිබුණ ගොඩනැගිල්ලක් ගැන අප මිපුර වෙබ් අඩවිය තුලින් අවස්ථා කිපයකදිම හෙළිදරව් කළෙමු.
අදාල පුද්ගලයා නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකු බවත් මේ නිවස ඉදිකරන්නේ යළිත් විකිණිමට බවත් අපගේ පුවතට ප්‍රතිචාර දැක්වු ඇතැම් පාඨකන් විසින් එදා අප වෙත කියා සිටියේය.
මේ අතර මේ සම්බන්ධයෙන් ඒ දිනවල සොයා බැලු ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරිය අදාල තැනැත්තාට මේ කර ඇති නීතිවිරෝධි කටයුත්ත පිළිබදව සිය විරෝධය පළකර තිබුණ බවද අප කළ විමසිම් වලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියාය.
මේ සම්බන්ධයෙන් අප කළවිමසුමකදි ග්‍රාම නිළධාරිවරිය කියා තිබුනේ මේ ඉදිකිරිම සදහා නගර සභාවෙන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන ඇති බව අදාල පුද්ගලයා කියා සිටියද
එවැනි අවසරය ක් පෙන්වන්නට යැයි කි විට එසේ පෙන්වන්නට ඔහුට නොහැකි වු බවය..
මින් එකක් පැහැදිලිය මේසා බරපතල නීතිවිරෝධි වැඩක් කිරිමට බයක් නැතිව මේ ව්‍යාපාරිකයා එදා පෙළඹි තිබුනේ කාගේ හෝ දේශපාලන හයියක් මත බව ඉතා පැහැදිලිය.,
ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම විශාල මුදලක් ගෙවා ඇතැයි අනුමාන කළ හැකිව තිබුනෙ කිසිදු බියකින් තොරව විශාල මුදලක්ද යටකර විශාල ප්‍රදේශයක් ගොඩකරමින් නිවාසය තැනිමට කටයුතු යොදා තිබිම නිසාය.
කෙසේ වෙතත් අපට කරුණු දක්වා සිටි ග්‍රාමනිළධාරිවරිය 2019 සැප්තැම්බර් මාසයේදි අවධාරණය කර සිටියේ ප්‍රාදේශිය ලේකම්වරයාටද දැනුම් දි , පොලිසියද කැදවාගෙන විත් අවැසි නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවය.
කෙසේ වෙතත් මේ නිවස ඒ දවස්වලම වෙනත් පාර්ශවයකට විකුණා තිබුන බව පසුව දැනගන්නට ලැබුණි.
ඉතා පැහැදිලි ලෙසින් රජයේ ලොක්කන් කිපදෙනකු විසින්ම අතදිගහැර ජාරාව කමින් කර ඇති මේ මහා පරිසර විනාශය ගැන අදාල කලාපයේ ප්‍රධාන පෙලේ රාජ්‍ය නිලධාරින් ලැජ්ජා විය යුතුය.
මෙවර මතුවු ව්‍යසන අවස්ථවේදි කුරණ කටුනායක නිවෙස් ගණනාවක්ම ජලයෙන් යටවු අතර විශාල පිරිසක් ඉන් පිඩාවට පත්ව තිබුණි.
දැන් ඇත්තේ දේශපාලන ගැත්තන්ට අනුග්‍රහ නොදක්වනවා යැයි සපථ කළ පාලනයකි.
දියහොඳ ඇල ගොඩකළ මේ පුද්ගලයාට නිසි දඬුවම් දීමට පමා නැති අතර මේ සම්බන්ධයෙන් අදාල සියළු වගකිව යුත්තන් කටයුතු කරන ආකාරය දෙස අප දැඩි විමසිල්ලකින් සිටින බවද සටහන් කරනු කැමැත්තෙමු.













