එළඹෙන 2026 වසර සඳහා වන මීගමුව මහා නගර සභාවේ අයවැය ලේඛනය සභාගත කිරීම අද පෙරවරුවේදී (10/12/2025) පැවති දෙසැම්බර් මස මාසික මහා සභා රැස්වීමේදී සිදු කෙරිණි.
මහා නගර සභා ආඥා පනතේ අංක 211 දරන වගන්තිය ප්‍රකාරව ,2026 වසර සඳහා වන මීගමුව, මහා නගර සභාවේ ආදායම් පිලිබඳ ඇස්තමේන්තුව හා යෝජිත වියදම් පිළිබඳ විස්තර ඇතුළත් අයවැය ලේඛනය මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා විසින් මෙලෙස සභා ගත කිරීම සිදු කෙරිණි.
ඒ අනුව 2026 වසර සඳහා මීගමු මහා නගර සභාවේ අයවැය පිළිබඳ විවාදය එළඹෙන 22 වැනි සඳුදා දින පෙරවරුවේ දී ( 22/12/2025) පවත්වන බවද නගරාධිපතිවරයා විසින් එහිදී දැනුම් දෙන ලදී.













