මීගමුව සංචාරක සංගමයේ සංවිධාන ශක්තියෙන් තවත් වෙරළ පවිත්‍රතා වැඩසටහනක් 

0
413

 

3 3b3083a5 816c 4983 8a22 e8e2ce683e06 9783a8fe 2878 4fa3 b89c 1cd73bc57ecf

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් දිසාපතිවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අද (12/12/2025) උදැසන පටන් රාත්‍රිය දක්වාම මීගමුව ⁣මුහුදු වෙරළ තීරය පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කෙරිණි.
ඒ අනුව ගම්පහ දිසාපතිවරයා විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රදේශීය ලේකම්වරියගේ සහ මීගමුව නගරාධිපතිවරයාගේ මුලිකත්වය මත මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ
” මීගමුව සංචාරක සංගමය” (Negombo Tourists Association -NTA) විසිනි.

මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා මීගමුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවකයන්, මෙන්ම මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ විශේෂ ඉල්ලීම මත ගුවන් හමුදා භටයන් 30 දෙනෙකු ඇතුළු 60 දෙනෙකුගෙන් පමන සැදුම්ලත් පිරිසක් මීගමුව මුහුදු වෙරළ තීරය පවිත්‍ර කිරීමේ මෙම විශේෂිත වැඩසටහනට සහභාගී වුහ.
මෙම වැඩසටහනේ ආරම්භක අවස්ථාවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ මීගමුව සංචාරක සංගමයේ සභාපති ,ඒ. වර්ණකුමාර මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී වුහ.
මෙවැනි වෙරළ පවිත්‍රතා වැඩසටහන් සහ වෙනත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමේදී ඒවා මනා ලෙස සංවිධානය කරන මීගමුව ප්‍රදේශයේ පුරෝගාමී සංවිධානයක් ලෙස ප්‍රකට මීගමුව සංචාරක සංගමයේ සහාපති ඒ.වර්ණකුමාර මහතාගේ සහ එම සංගමයේ සෙසු සමාජික සාමාජිකාවන්ගේ දැඩි කැපවීම මෙම වැඩසටහනේදීද වඩාත් කැපීපෙනුණි.
මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා මීගමුව සහකාර ප්‍රදේශීය ලේකම් මැනික් සේනානායක මහත්මිය , මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීකෂක ගුණරත්න මහතා, සහ සමුද්‍රීය පරීක්ෂණ හා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු පිරිසක් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here