පසුගියදා කුණාටු සහ ගංවතුර හේතුවෙන් විශාල තර්ජනයකට මුහුණදුන් කොච්චිකඩේ සහ තෝප්පුතොට ජනතාව මේ වන විටත් සිදුවූ ආපදාවෙන් සාමාන්‍ය තත්ත්වයට පැමිණ නොමැත.
නිවාස,ඉඩම් හානි සමඟ ජන ජීවිතය නැවත ගොඩනැඟීමේ අභියෝගයක් මුළු රටම වෙලාගෙන ඇති මොහොතක මා ඔයේ වැලි ගොඩ දැමීම ගැන කතා නොකරම බැරි තත්ත්වයක් උදාවී ඇත.
සිදුවූ ගංවතුර සහ නායයාම් හේතුකොටගෙන ජනාධිපතිවරයා වැලි ගොඩදැමීමට අවසරපත්‍ර නිකුත් නොකරන ලෙස භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාලයට දැනුම් දී ඇති බවද වාර්තා වේ. ආඩිමුල්ල කටාන ප්‍රදේශයේ මේ වනවිටත් වැලි ගොඩදැමීම බලපත්‍රයේ කොන්දේසි කඩමින් සිදුකරන ලබනු බවට පැම්ණිලි ලැබෙමින් පවති.
අද බදදා දවසක් බැවින් වැලි ගොඩදැමීමට අවසර නොමැති දවසක් වන අතර අදත් මෙම ප්‍රෙද්ශයේ වැලි ගොඩදැමීම් සිදුකරන බවට ප්‍රෙද්ශවාසීන් අප වෙත දන්වා සිටියේය. බලපත්‍රය පරිදි වැලි ගොඩදැමීමට අවසර ඇත්තේ සදුදා හා සිකුරාදා පමණක් බවත් බලපත්‍ර හිමියන් මේ කිසිදු කොන්දේසියක් නොතකා අනෙක් දිනවලත් වැලි ගොඩදැමීම සිදුකරන ලබන බවට ඔවුන් පවසයි. බලපත්‍රෙය් ඇති කෝන්දෙසි වලට අනුව ගං ඉවුරු වල වැලි කැනීමට අවසර නොමැති අතර මේ වනවිට මේ කිසිදු කොන්දේසියක් වැලි බලපත්‍රකරුවන් විසින් පිළිනොපදියි. ගං ඉවුරේ ඇති රක්ෂිතයද , පුද්ගලික ඉඩම් වල බැමි ද කඩාදමමින් ඉවුරු හාරා ඇති අයුරු පහත ඡායාරූප වලින් දක්වා ඇත.


මෙම ප්‍රදේශයේ වැලි ගොඩදමනු ලබන වැලි යෝගියාන -ගල්වක ප්‍රදේශයෙන් ගොඩදමනු ලබන අතර සෙමුතු උලුමෝල් හිමිකරුගේ ඉඩමට මෙසේ ගොඩදමන වැලි බෝට්ටු මඟින් ගොඩගසා ටිපර් මගින් ප්‍රවාහනය කරනු ලැබේ.
මේ වනවිට සිය ඉඩම් වල ඉවුරු නායගොස් ඇති බවත්, ඉතාම අකාරුණිකව විදිහට ගංවතුර බැස යාමට පෙරත් සමහර ඉඩම් වලට වැලි ගොඩගසා සකසා තිබූ පැති බැමිද කඩාදමා වැලිහාරා ඇති බව පුද්ගලික ඉඩම් හිමියන් පවසති.

භු විද්‍යා හා පතල් කාර්්‍යාංශයෛ් වෙබ් අඩවියේ බලපත්‍රලාභියෙකු අනුගමනය කළ යුතු කොන්දේසි සදහන් කර ඇති ආකාරය
https://www.gsmb.gov.lk/index.php?option=com_content&view=article&id=144&Itemid=273&lang=si#slider-2












