පොකුණෙන් මුදට පැනපු ඉස්සන්ට දැන් මොකද වෙන්නේ?

0
280

පහුගිය කාලේ ඉස්සෝ ප්‍රේමින්ට නම් හොද කලදසාවක් ලබල තිබුනේ.ගංවතුර කාලේ පොකුණුවලින් මුහුදට ගහගෙන ගිය  ඉස්සෝ කුදිප්පාඩුව පැත්තෙ මුහුදෙන් අහුවෙන්න පටන්ගත්තා.

ලොකුම ඉස්සෝ රු 1300ක් අඩුමිළකට තමයි මුලින්ම අලෙවි වුනේ.

ඊට පස්සේ ලෙල්ලමට ආපු ඉස්සන්ගේ ප්‍රමාණය අනුව වර්ග කරල විවිධ මිළ ගණන් යටතේ අලෙවිකරන්න දූව ලෙල්ලමේ ව්‍යාපාරිකයන් කටයුතු කරල තිබුන.

කොහොම උනත් නත්තල් උත්සව සමය ලංවෙනවත් සමඟම මේ ඉස්සනගේ මිළ ගණන්ද වැඩිවෙන්න පටන් ගත්තා.

නත්තල් දවසට කලින් දවස් වල ඉස්සන්ගේ මිළ ගණන් තීරණය වෙලා තිබුනේ රු 1700 ඉදන් ඉහලට.

කොහොමත් මේ ඉස්සන් තොග මිගමුවට එන ප්‍රමාණයන් අඩුවෙන්න පටන් අරන් තිබුන.

මේ ගැන අහපුවම දූව ලෙල්ලමේ ව්‍යාපාරිකයෝ නම් කිව්වේ ලැබෙන තොගවල ඉදිරියෙදි අඩුවක් වෙන්න පුලුවන් කියලයි.

ඒ කියන්නේ අලුත් අවුරුදු සැමරුම් වලට ඉස්සෝ ගන්න බලන් ඉන්න අයට මිළ ගණන් ගැනත් සැලකිලි මත් වෙන්න සිද්ධ වෙලා.

පහුගිය දවස් ටිකේ හරියට ඉස්සෝ සුනාමියක් නිර්මාණය කරලයි තිබුනේ.

වෙනදට ෆාම් එකෙන් දූව ලෙල්ලමට ආපු ඉස්සෝ ගංවතුරෙන් පස්සේ මුහුදෙන්.අහුවෙලා ලෙල්ලමට එන්න පටන් අරන් තිබුන.

පුත්තලම් දිස්ත්‍රික්කයේ විතරක් ඉස්සන් පොකුණු 80කය වැඩිය කැඩිල කියල තමයි වාර්තා වුනේ.

හෙට ඉදන් සෙනඟ අළුත් අවුරුද්දට ලැස්ති වෙනව.හෙට ඉදන් ලෙල්ලමත් සක්‍රිය වෙන්න පටන් ගනියි.

හැබැයි පොකුණෙන් මුහුදට පැනපු ඉස්සො ලෙල්ලමට  එන එකනම් අඩුවෙයි වගේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here