බෙල්ලෝ කඩලා සල්ලි ලැබුණට අපි විඳින දුක දන්නේ දෙයියෝ විතරයි !

0
416
Digital

බෙල්ලන් කැඞීම ශ්‍රි ලංකාවේ සුළු ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් විසින් කරන සම්ප්‍රදායික රැකියාවකි. බෙල්ලන් කැඞීමේ රැකියාවේ විශේෂත්වය  ගැහැනු පිරිමි භේදයක් නොමැතිව මෙම රැකියාව කිරීමයි. මෙම බෙල්ලන් කැඞීමට අවුරුදු ගණනාවක සිට මීගමුව ද ප්‍රසිද්ධියක් උසුලයි. මෝරවල ආශ්‍රිත ප්‍රදේශයේ ( පිටිපන වීදිය,පිටිපන, මුහුදේ ස්වභාවික පිහිටා ඇති මෙම ගල ළිහිනියා ගල ලෙස හැඳින්වෙයි.  වර්තමානයේ පවුල් සියයක් පමණ මෙම රැකියාවේ නිරත වේ.

PIC 0255
Digital

බෙල්ලා
මුහුදේ ගලවල බැදෙන ජීවියකි බෙල්ලා. දෙපියන් ආවරණයක් ඇති මුහුදේ රැුදෙන ඝනකම් කටුවකින්  ආවරණය වේ. (වර්ණය දුඹුරු පාට) ආහාරය සඳහා තම්බා  කටුව ඉවත් කර  මස් ආහාරයට ගැනේ.
බෙල්ලාගේ විද්‍යාත්මක නාමය
ෆර්නා – – බෙල්ලා ,දැල්ලා, භූ වල්ලා, මට්ටියා, අයත් ජීවින් වර්ගය ” මොලූස්සා ” වන අතර දෙපියන් බල්ලා සහ මට්ටියා ”මොලුස්කා” වර්ගයට  අයත් ”බයි වෑල්ව්ස්” නම් ජීවි කාන්ඩයට ඇතුළත්වේ.
බෙල්ලන් බහුලව ඇති ප්‍රදේශ
මොරවලේ (පිටිපන වීදිය) ලිහිනියා ගලේ පිටිපන වීදිය, පිටිපන අලූත්කූරුව , බසියවත්ත,තලාහේන, දුංගල්පිටිය,කැපුන්ගොඩ, ආදී ප‍්‍රදේශ වල බෙල්ලන් බහුලව ජීවත්වේ.

PIC 0259

බෙල්ලන්ගේ කොලෙස්ටරෝල්  ප්‍රමාණය

බෙල්ලන් 06 දෙනෙක් –  Gම් 84ක්
කැලරි Gම් 57, ප්‍රෝටීන්  Gම් 06 මේදය ග්?ම් 02, සේාජියම් Gම් 177,  කොලෙස්ට්‍රෝල් ග්?ම් 45, යකඩ ,සින්ක්, කොපර්,සෙලිනියම්, විටමින් බී 12,පොස්පරස්,විටමින් සී, තයිමින්,කල්සියම් යන මේ සියලූ පෝෂණ තත්ත්වයන් සාමාන්‍ය ලෙස පවතී.

Ikiri 2

ඉකිරි
ඉකිරිය යනු සාගරයේ ගල් මත වෙසෙන  ජීවියෙකි. ඉකිරි ජිවියාගේ ශරීරය  ඉත්තෑවාගේ කටු වැනි කූරු වලින් සමන්විතය. බෙල්ලන් කැඞීමට යාමේදී  මෙම ඉකිරි ඇනී පුද්ගලයන්ගේ පාද වලට තුවාල සිදුවේ.  ඉකිරි ඇනුණ විට (පණ තියෙන) ශරීරය පුරා විස දිව යන්නට හැකි අතර  ප්‍රවේශම් විය යුතුය. ඒ නිසාම එවැනි අනතුරු ඇතිවූ විට අත් බෙහෙත් හෝ වෛද්‍යවරයෙකු මුණ ගැසීම අනිවාර්ය වේ.  ඉකිරි පණ පිටින් ඇනුන විට  හම පලා ඉවත් කර ගත යුතුවේ.

ඉකිරි 4

ඉකිරි 11

අත් බෙහෙත්
වේශ වේරිය, සුදුළුණු, ගම්මිරිස්,අමු ඉගුරු කොටා තැබීම. මගුල් කරඳ පොතු, අමු කහ, පෙරුම් කායම් පොල් කිරෙන්  තමබා  දින 03ක්, 04ක් බැඳිය යුතුය. කොත්තමල්ලි  වතුරෙන්  අඹරා තැබීම.

මරිය සැලින්
මම මේ රස්සාව පටන් අරගත්තේ මීට අවුරුදු 18 කට පමණ පෙර බෙල්ලෝ කඩන රස්සාව හරි හටනක් දීලයි පුරුදු වුණේ. අවාසනාවට මගේ නෑනවත් මුහුදේ ගියා. පරෙස්සමෙන් කල්පනාවෙන් තමයි වැඬේට බහින්ඩ  ඕනේ. කකුල් වලට සපත්තු දාගෙන, බෙල්ලෝ කැඞීමට ගෙන යන  පිහි තලයත් වෙනම හදාගන්ඩ  ඕනා. මේ රස්සාව හොඳයි අමතර ආදායමක් හැටියට.

ලූර්දු

මම මේ රස්සාව පටන් අරන් අවුරුදු 3-4ක් වෙනවා. මමත් බෙල්ලෝ කඩනවා.  ගල් වත්තුව ( ගල මතුපිට වතුර නැති වෙලාවට) තියෙන වෙලාවට තමයි අපි නම් යන්නේ.  පිරිම අය නම් බෝට්ටුවේ ගිහින් කඩාගෙන එනවා. අත පය රිදෙනවා. ඒත් ඉතින් වාසියි. බෙල්ලෝ කඩලා තම්බලා මමම විකුණනනවා  ගැණුම්කාරොයෝ ගෙදරටත් එනවා. කොහොමත් දවසට 300ත් 400ක් විතර හොයනවා. බෙල්ලෝ නම් සැරයි ඒත් කටට රසයි.  බෙල්ලෝ තෙල් දාලා උකු කිරි මිටක් දාලා හින්දලා  ගත්තහම හොඳට රසයි.
බෙල්ලෝ බිස්කට් කුඩු වල තවරලා බැඳලා ගත්තහම ඊටත් වඩා රසයි.  ගම්බිරිසටත්  රසයි.  හැබැයි ඉතින් සුනාමියෙන් පස්සේ නම් බෙල්ලෝ බෝ වෙනවා අඩුයි.

සටහන සහ ඡායා-  ලොරෙටා පීරිස්

( 2016 නොවැ මස 2 ක පළ කල ලිපියකි)

ඉකිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here