ප්‍රමිතියෙන් තොර ආහාර අද ලොකු ප්‍රශ්ණයක් වෙලා.
නම් දරාපු සුපිරි හෝටල්වල ඉදන් කුඩා තැන් දක්වා මේක පැතිරිලා
පහුගිය දිනක බිච් පාක් එකේ ආහාර ප්‍රමිතිය ගැන සමාජ මාධ්‍ය තුල ප්‍රශ්ණ කිරිම් ගණනාවක්ම මතුවෙලා තිබුනා.
ඇත්තටම තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවකුත් ,විධායක ජනපති විතරක් නෙමේ මිගමුවේත් බහුතර බලය ජනබලවේගයට තිබුනත් බිච් පාක් එක තාමත් ලංසලගේ.
එකේ අදායම එදා වගේම ලංසාලගේ තාත්තට විනෝදාංශ වෙනුවෙන් වෙච්ච නිත්‍ය අරමුදලක් වෙලා.
මේ කතන්දර කොහොම වුනත් බිච් පාක් ආහාර වල ප්‍රමිතිය ගැන දැඩි නිරික්ෂණයක නිරතව සිටින එක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ප්‍රධාන වගකිමක්.
මේකේ වෙළඳාම් කරන අය ලොකු මුදලක් ලංසා පවුලේ කොම්පැණියට ගෙවනව ඇති.එහෙම කියල එතන එන අයට ප්‍රමිතියක් නැති කෑම විකුණන්න ඉඩ දෙන්න බෑ.













