හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..

0
421

පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා..
ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා…
අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා ..
ඉතින් මම ඒ තාත්තට කියලා දුන්නා prednisolone එහෙම බොන්න හොඳ එකක් නෙවේ, එහෙම හිතු මනාපයට බොන්න ගියොත් වෙන්න මෙන්න මේ දේ කියලා..
ඉතින් ඒ තාත්තා කියපු දේ තේරුම් ගත්තා.. (හැබැයි සමහර අය ඉන්නවා මොන තරං පැහැදිලි කරත් තේරුම් නොගන්න)..
ඉතින් මෙන්න මේ නිසා අද මම ලියන්න හිතුවා මොන තරං වටිනා ඖෂධයක් උනත් prednisolone, හරි උපදෙස් නැතුව බොන්න ගියොත් වෙන භයානක කම..
ඔයාගෙ කවුරු හරි වෛද්‍ය උපදෙස් නැතුව prednisolone බොන්න පුරුදු වෙලා ඉන්නවා නම් මේ ලිපිය පෙන්නන්න..
(Prednisolone විතරක් නෙවේ Methylprednisolone, hydrocortisone, Dexamethazone, වගේ අනිත් steroid වලිනුත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්)
හැමදාම කියනවා වගේ තමන්ට දුන්න බෙහෙත් එකක් ඒ ගැන දැනුමක් නැතුව වෙන කෙනෙක්ට දෙන්න යන්න එපා…
මොන තරම් කිව්වත් ඒ මෝඩ වැඩේ කරනවා..ලිපිය ටිකක් දිග වේවි.. ඒත් අවසන් වන තුරු කියවන්න.. ඉතාම වටිනා ලිපියක් මේක..
මොනවද මේ Prednisolone කියන්නේ..?Prednisolone කියන්නේ අපේ ඇඟේ ස්වභාවිකවම නිශ්පාදනය වෙන cortisol කියන steroid hormone එකට සමාන විඳිය ට නිශ්පාදනය කරලා තියෙන ඖෂධයක්… මෙන්න මේ Prednisolone අයිති වෙන්නේ corticosteroids කියන කාණ්ඩයට.
Prednisolone කියන්නේ වටිනා ඖෂධයක්, හැබැයි ඉතින් පරිස්සමින් හරි උපදෙස් මත පමණක් භාවිතා කරනව නම්..නැත්නම් තමන්ගේ හිතු මනාපයට Prednisolone බොනවා කියන්නේ තමන් තමන්ම විනාශ කරගන්නවා වගේ වැඩක්..
අපි දැන් බලමු Prednisolone මොනවටද භාවිතා කරන්නේ කියලා..?Prednisolone ගොඩක් රෝග සදහා වටිනා ඖෂධයක්..
● Prednisolone වලට ප්‍රදාහය (Inflammation) අඩු කිරිමේ හැකියාව තිබෙනවා.. අන්න ඒ නිසා ප්‍රදාහයට හේතු වෙන මෙන්න මේ රෝග වලට ලබා දෙනව..
1. හතිය ඇතුළු ස්වසන මාර්ගයආශ්‍රිත රෝග සදහා
2. Arthritis.

( මිතිලයා ගමගේ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here