සමාජ ශාලාවක් අයිති ලංකාවේ එකම මහ නගර සභාව ?

0
305
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 


අනවසර බිල්ඩිම
අනවසර බිල්ඩිම

මීගමුව නගර මධ්‍යයේ පිහිටි මේ ගොඩනැගිල්ල දැන් සමාජ ශාලාවකි.මෙම ගොඩනැගිල්ල පිහිටි භුමිය 2007 දි තරම එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසා විසින් මෙම ගොඩනැගිල්ල පිහිටි භුමිය පමණක් පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට බද්දට දි තිබුණි.
ඒ අනුව ඒ ඉඩමේ  හිමිකරුවා නගර සභාවයි.
තතු එසේව තිබියදි එහි දැවැන්ත ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකරනු ලැබීය

. ඒ අනුව මේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරිම් අයදුම්පත්‍රයක් ඉල්ලා තිබුනේ කව්රුන් විසින්ද ?නිති ප්‍රකාරව නම් එය කළ යුත්තේ නගර සභාව විසිනි.

අයියා බදු ඉඩමට පාරක් මෙන්ම රථගාල් කරන්නට ඉඩක් ලබාදිමට වසර 2019 දි මල්ලි කටයුතු කර තිබුණි.

පවුලක පාලනය විසින් මිගමුව මහනගර සභාවට දැන් රාත්‍රි සමාජ ශාලාවක්ද හිමිකර දි තිබේ.

මේ ඩීල් එක පිටුපස මිගමු මහනගර සභාවේ ආදායම් නිලධාරිවෙකුද සිටින බව ප්‍රසිද්ධ රහසකි.ලංසා පවුලේ මෙන්ම මේ කුප්‍රකට නිලධාරින්ගේ වත්කම් ද පරික්ෂා කළ යුතුව තිබේ.මේ අයට නගරයේ අනවසර ගොඩනැගිලි කිපයක්ද හිමිය.

කෙසේ වෙතත් ලංකාවේ රාත්‍රි සමාජ ශාලාවක් හිමි එකම පළාත් පාලන ආයතනය මීගමුවයි.

අනවසර කඩ ඉවත් කළ පසු තෝරා බිඩි මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි
අනවසර කඩ ඉවත් කළ පසු පිටිපන මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි

පසුගිය කාලයේ මෙහි වෙඩි තැබිමක්ද සිදුව තිබුණි.අනවසර ඉදිකිරිමක් තුල පවත්වාගෙන යනු ලබන ලංකාවේ එකම සමාජ ශාලාව වන්නේද මෙය විය හැක.
මේ සියලු නිතිවිරෝධි කටයුතු ඉතා අගේට සිදුවෙද්දි එදා මීගමුව මහනගර සභාවේ විපක්ෂය මීක් කිවේ නැත .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here