මිරිස් මෝලක් කඩන්න කොන්ත්‍රාත් ගත්තු නගරාධිපති ?

0
159

මීගමු දේශපාලන සමාජය තුලද දැඩි කතා බහකට ලක්ව තිබුන  සිදුවිමක් වුයේ කාමච්චෝඩේ මිරිස් මෝලක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් 2021 අගෝස්තු  ( 06) වෙනදා අලුයම 3 ට පමණ මිගමුව මහනගර සභාවේ නිළධාරින් මෙන්ම නිළධාරිනියන්ද කම්කරුවන්ද සමගින් පැමිණ කඩ දැමිම ගැනය.

IMG 20260113 115537
bsh
IMG 20260113 115341
btr

IMG 20260113 115321

එසේ කඩා දමා ඇත්තේ එකල  මිගමුවේ පළාත් පාලන ආයතනය සදහා තරඟකළ ශ්‍රිලනිප අපේක්ෂකයෙකුගේ විමද තවත් විශේෂත්වයකි.

මිරිස් මෝල කරගෙන ගිය බදු කරු වසර 46 ක් තිස්සේ වැල්ලවිදිය පාරේ කාමච්චෝඩේ ප්‍රදේශයේ මේ කඩය පවත්වාගෙන ගොස් ඇත.

මෙහිදි මේ කඩයේ හිමිකරු සහ බදුකරු අතර ඇතිවු යම් ආරවුල් තත්වයක් තුලදි කඩේ හිමිකරුට මෙම බදුකරුව මෙම ස්ථානයෙන් ඉවත් කරගැනිමට අවැසිව තිබුන අතර එ කොන්ත්‍රාත්තුවට අත ගසා ඇතැයි මේ බදුකරු‌ගේ පාර්ශවය විසින් චෝදනා කර සිටින්නේ නගරාධිපති දයාන් ලංසාට සහ ඔහුගේ ගෝලබාලයන්ටය.

කෙසේ වෙතත් ආදාල කඩ හිමිකරු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කරගැනිමට ඉල්ලා තිබුන අවසරයට ප්‍රතිචාර ලබාදෙමින් කියා ඇත්තේ එක්කෝ කැඩිම හෝ අලුත්වැඩියා කිරිමට කටයුතු කරන ලෙසය.
එහෙත් නගර සභාවට කඩ කඩන්නට යැයි ඉන් පවසා තිබුනේ නැත.

තතු එසේව තිබියදි 2021 අගෝස්තු 06 වනදා අලුයම මේ කුප්‍රකට කඩ කැඩිල්ලේ මෙහෙයුම නගරාධිපති දයාන් ලංසාගේ පුර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක විය.

,එමෙන්ම මේ මෙහෙයුමට මිගමුවේ සිටින කුප්‍රකටම දුෂිත තාන්ෂණික නිළධාරියෙකුද සම්බන්ධව ඇති අතර මේ මිරිස් මෝල කඩා ගෙන ගොස් ඇති ලක්ෂ ගානක් වටිනා කුලු බඩු සගවා තබාගෙන ඇත්තේ ඔහු විසින් බව චෝදනාද එල්ල වි තිබේ.

බස්නාහිර පළාතේ ප්‍රබල වානිජ නගරයක් ලෙසින් දියුණු කළ හැකිව ඇති මිගමුවට එ අවස්ථාව මුල සිටම ගිලිහි ගොස් ඇත්තේ උගත්කමක් හෝ කිසිදු වෘත්තිය පරිචයක් නැති නගරාධිපතිවරයෙකු සහ ඔහුටම ගැලපෙන නිලධාරී පැලැන්තියක් සිටිමය.

මෙම මිරිස් මෝල කඩා දැමිම මුල සිටම විඩියෝ කරමින් සිය දේශපාලන හාම්පුතාට යැවිමට කටයුතු කළ සිය වෘත්තියට පවා නිගාදෙන නිළධාරිණියක් ගැනද එකල  ප්‍රසිද්ධ වි තිබුණි.
බැකෝ යන්ත්‍ර එලවා ඇත්තේ එරික් නැමැත්තෙකි.මේ මෙහෙයුම සදහා L0 1905 ,LO3349 යන ටිපර් රථ යොදාවාගෙන තිබුණි.ධම්මික සහ අජිත් යන අය ඒවායේ රියදුරන් ලෙස කටයුතු කර තිබේ.

තමන්ට කිසිදු අයිතියක් නැති කඩයක් මේ ආකාරයෙන් අලුයම සිට දැවැන්ත මෙහෙයුමක් යොදවා කඩා දැමිමට පසුබිම් වන කරුණු අතර ප්‍රධාන තැනත් ගෙන තිබුනේ ශ්‍රිලනිපයෙන් වැල්ලිවිදියේ ඡන්දය ඉල්ලු ප්‍රබල අපෙක්ෂකයෙකු හා නගරාධිපති වරයා අතර පවතින පුද්ගලික අමනාපයයි.

මේ අමනාපයට හේතුවද ප්‍රසිද්ධ කරුණකි. එනම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි නගරාධිපති දයාන් ලංසාගේ සහෝදරයාට වැඩ නොකර ඉන්දික අනුරුද්ධට  සහය පළකිරිමය.

එවැනි අවස්ථාවාදි අතිශය පුද්ගලික දේශපාලකයන්ගේ උවමනාවන් වෙනුවෙන් රෙදි ඇදගෙනම සිය වෘත්තිය ජිවිතය පාවා දෙන නිලධාරින් සහ නිළධාරිණියන් පිරිසක් මිගමුව මහනගර සභාවේ සේවය කිරිමම නගරයට ඇති දැවැන්තම ශාපයයි .

දෛවයේ සරදමකි.

මේ අසාධාරණයට පත්වු මිරිස් මෝල් හිමිකරු වෙනුවෙන් නඩුවට පෙනි සි⁣ටියේ වත්මන් නගරාධිපති ⁣රොබට් හීන්කෙන්ද විමද සැබැවින්ම දෛවයේ  සරදමක් වැනිය.

පසුගිය ලංසා පවුල් පාලනය පැවති සමයේ මිගමුව තුල ක්‍රියාත්මක වුයේ පළාත්පාලන නීතිය නොව පවුලක නීතිය.මේ අය විසින් කරන්නට යෙදුන සියලු සිදුවිම් අප එකින් එක දිගින් දිගටම මේ සමාජ⁣යට යළිත් වටයකින් ගෙන එන්නෙමු.මේ සලකාර ජඩකම්කම් වලට එරෙහිව මරණ තර්ජන මැද වුවද අප ලංසා පාලනයට එරෙහිව මේ සියල්ල සමාජයට හෙළිදරව් කලෙමු.

හුලං අත බලා රුවල දාගත්තු අතිබහුතරයක් වත්මන් මාලිමා මන්ත්‍රිලා සහ මන්ත්‍රිණියන් මේ ජඩකම් මැරකම් ක්‍රියාත්මක වෙද්දි හිටියේ කොහේදැයි අසන්නට අප කැමත්තෙමු.මේවා ගැන මල බෝලයක් නොදැන මිපුර අපට තර්ජනය කරමින් අවලාද නගමින් උසාවි ගෙනියන්නට වන්දි නඩු දාන්නට දැගලු මාලිමා මහත්තුරු සහ නෝනලා ටික දැන් නිහඬය.එයාලගේ බුකි චණ්ඩිකම්ද දැන් අවසන්ය.

ඇත්තම මාලිමාව නියෝජනය කරමින් පළාත් පාලන ආයතනය තුල අද සිටින අතිබහුතරයක් නෝනලා සහ මහත්තුරු මිස සහෝදර සහෝදරියන් නොවන බව දැන් මිගමුවේ සියල්ලෝම දනිති.

අපි ඒ මන්ත්‍රි මහත්තුරුන්⁣ට සහ නෝනාලාට කියන්නට ඇත්තේ එදා ඔබලා මීක් නොකියා සිටි ජඩකම් දැන් යළිත් අප සමාජය හමුවේ තබා ඇත.

දැන්වත් ක්‍රියාත්මක වෙන්න.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here