මිගමුව ගල්කන්ද හංදිය ප්‍රදේශයේ පිහිටි Mr.කොත්තු හෝටලය කුස්සියේ අප ජලය අවට ප්‍රදේශවාසින් විසින් පරිහරණය කරන පාරට බිත්තිය කඩා එතනින් කාන්දු විමට සලස්වා තිබිම ඇතුලු වැරදි අඩුපාඩු ගණනාවක් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් අධිකරණයට දැනුම් දි තිබුණි.
Mr.කොත්තුට එරෙහිව අද මිගමුව මහාධිකරණයේ දි පැවැති නඩු විභාගයේදි අධිකරණය නියෝග කර තිබුනේ දින 14 කාලයක් ඇතුලත මේ සියළු අඩුපාඩු නිසි පරිදි පිළිසකර කළයුතු බවය.












