රාජපක්ෂ රෙජිමය සමයේ 2006 දී ත්‍රිකුණාමලයේ ගාන්ධී පිළිරුව අසලදී ඝාතනයට ලක්වු සිසුන්ගේ මරණයට හේතුව වෙඩි තැබිමක් බව අනාවරණය කළ ජයාරුප මාධ්‍යවෙත හෙළිදරව් කළ මාධ්‍යවේදී සුගීර්තරාජන්ව 2006 ජනවාරි 24 වන දින ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය අසලදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

රාජ්‍ය පක්ෂ රෙජිමය සහ දකුණේ ඇතැම් මාධ්‍ය මේ සිසු ඝාතනය ගැන අසත්‍ය තොරතුරු සමාජගත කරද්දි සුගිර්තරාජන් විසින් මේ සිසුඝාතනය වෙඩි තබා සිදුකර ඇතිබව පැහැදිලිකරන ඡායාරුප ලෝකයට හෙළිකරන ලදි.
මරණය දැක දැකත් ලෝකය හමුවේ සත්‍ය වාර්තා කළ සුගිර්තරාජන් ඝාතනය කොට අද ට (24) වසර 20කි.












