පියතුමාගේ සුවදුක් විමසිමට ඇමති රෝහලට!පහරදුන් පොලිස් නිලධාරීන් බන්ධනාගාරයට

0
1184

 

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහර කෑමට ලක්වූ, සහ දැනට මීගමුව රෝහලේ 07 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන මිලාන් ප්‍රියදර්ශන පියතුමාගේ සුව දුක් බැලීමට අද දහවලදී (25/01/2026) විද්‍ය හා තාක්ෂණ කටයුතු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මීගමු රෝහලට පැමිණියේය.
අමාත්‍යවරයා සමගින්, ජාතික ජන බලවේග පක්ෂයේ ජාතික කමිටුවේ සාමාජික අජිත් හැඩ්ලි මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

එහිදී මාධ්‍යවේදීන් මෙම සිදුවීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේ අමාත්‍යවරයා මෙසේ පැවසීය.IMG 20260125 WA0025

“” පියතුමා කතෝලික පූජකවරයෙක් වශයෙන් පෙනී සිටියදීම ඔළුවේ සිට දෙපා තුළ දක්වා අතින් පයින් පහරදීම සිදුකරලා තියෙනවා.ආණ්ඩුවක් හැටියට පොලිසිය කළ මෙම ක්‍රියාව ඉතාම කැත නින්දිත ක්‍රියාවක් ලෙස හෙලා දකිනවා “” යැයි විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා එහිදී පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය,

“” පියතුමාට හය දෙනෙක් පහර දී ඇති බවකියනවා,අතින් පයින් හා හෙල්මට් එකෙන්ද පහරදී ඇති බවකියනවා,පියතුමා දැනට සිටින්නේ ඉතාම වේදනාවෙන් බවත් පෙනුනා,ඒ බව කිව්වා,ඒ තරමටම මෙම පහරදීම සැර බවයි පෙනෙන්නේ,උගුර කන්නාසස වෛද්‍යවරයෙකුටත් එතුමාව පෙන්වීමට තිබෙනවා,පොලිසියට කිසිම පුරවැසියෙකුට මේ විදියට සලකන්ට අයිතියක් නැහැ,එතුමාගේ පූජකවරය ප්‍රදර්ශනය වෙද්දී ද සිදුකළ මෙම නින්දිත ක්‍රියාව ආණ්ඩුවක් හැටියට හෙලා දකිනවා,පරීක්ෂණය කරලා උපරිම දඬුවම් දෙනවා,

මේ සංස්කෘතිය අලුතින් ආපු දෙයක් නෙමෙයි අපි දන්නවා පසුගිය කාලය තුළ දේශපාලනඥයෝ විශේෂයෙන් පසුගිය ආණ්ඩුවල මැති ඇමති වරු ඒගොල්ලෝ තමා රට මෙවැනි තත්ත්වයකට පත් කළේ,රාජ්‍ය සේවකයන්වත් මේ තත්ත්වයට යොමු කළා,කතෝලික පියතුමන්ලාට බිසොප් තුමන්ලාට නිසි ගෞරවයක් නැතුව කතාකළා,ඒගොල්ලෝ ඒ අයට කඩේ ගිය සමහර ආගම් නායකයන්ට විතරයි ගරු කළේ,.

මේ පියතුමා එදින සවස දේවස්ථානයක දිව්‍ය පූජාවක් සිදුකර එතුමාගේ දේවස්ථානයට පැමිණෙමින් සිටිය අතරතුරදී තමා මෙම පහර දීම සිදුකරලාා තියෙන්නේ,හය දෙනෙක් පැමිණි බවත් හතර දෙනෙක් පහර දුන්බවත්,පියතුමා කියනවා,පියතුමාට තව දින කීපයක් සිරුරේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නැවතී සිට ප්‍රතිකාර කටයුතු කර ගැනීමට සිදුව තිබෙන බව කියනවා””
යයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය

මේ අතර කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද (25) ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here