මීගමුව කලපුව සම්බන්ධයෙන් අල්ලා ගැනීම් ගැන හෙළිදරව්වක්.! බැසියවත්තේ අනවසර ඉදිකිරීමක් ගැන මීගමුව ප්‍රා.ලේ අදහස් දක්වයි

0
271

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කලපුව අනවසරයෙන්
අල්ලා ගැනීම් 15 ක කටයුතු මේ වන විට කරගෙන යන බවත්, එයින් සිදුවීම් 03 ක නීතිමය කටයුතු සිදු කරගෙන යන බවත් , එලෙසම තවත් සිදුවීම් 02 කට අස්කිරීම් නිවේදන නිකුත් කර ඇති බවත්, එලෙස අස් කිරීම් සඳහා නිවේදන නිකුත් කළද එම දින ඉක්මවූ පසු එම සිදුවීම් වලට අදාල ඉදිරි නීතිමය කාර්යයන් සිදු කිරීම සඳහා කටයුතු කරන බව ද අනාවරණය වුණි

මේ සියලු කරුණු අනාවරණය වූයේ,පසුගිය 28 වැනි දින (28/01/2026) මීගමුව, වැල්ලවීදිය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවති මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදීය. එහිදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී රජිතා ලක්මිණි මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය

එලෙසම ඇය පැවසුවේ මීගමුව කලපුව සම්බන්ධ ඉඩම් 08 ක් මේ වන විට නිදහස් කරගෙන ඇති බවයි. එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ මීගමුව ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව අල්ලා ගත් ඉඩම් 13 ක් ද මේ වන විට වාර්තා වී ඇති බවයි. ඒ සම්බන්ධව මේ වන විට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීම් කර ඇති බවත්, ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇත්තේ සංචාරකයන් වැඩි වශයෙන් වෙසෙන කාලසීමාවෙන් පසුව එලෙස අල්ලා ගත් මුහුදු වෙරල ආශ්‍රිත ඉඩම් වල කළ ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවයි.InShot 20260116 153252224

එමෙන්ම ඇය මෙහිදී විශේෂ අනාවරණයක් සිදු කළාය.
“” තලාහෙන,රුවන් විදානගේ මහතාගේ අස්කිරීමේ දින පහුවෙලා තියෙනවා ඒ සම්බන්ධව බදු ඉල්ලලා ඉඩම් කොමසාරිස් ජෙනරාල් වෙත යොමු කළ ලිපියට අදාළව අප වෙත ලිපියක් ලැබුණා.අපි ඒ සම්බන්ධව විස්තර දන්වා උපදෙස් පතලා තියෙනවා.ඉදිරියට ඒ අනුව කටයුතු කරනවා””

මේ සම්බන්ධයෙන් මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී මීගමුව, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියද අදහස් පල කළාය.IMG 20260117 180113

“මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයය තුළ ඉඩම් අල්ලා ගැනීම් කටයුතු සඳහා කටයුතු නොකර ඇත්තේ මැනුම් කටයුතු ප්‍රමාද වීම නිසා බවයි ඇය පවසන්නේ.
“‘ අපිට වාර්තා වෙන සියල්ලටම අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම නව වාර්තාවන් සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම කටයුතු කරනවා. දැන් ඔය පැරණි හෝටලයක් තියෙනවා ඉඩම් අමාත්‍යංශයෙන් බදු ගන්න කටයුතු කරලා තියෙනවා . රුවන් විදානගමගේ කියලා එකක්. එතකොට ඒක 2019 ඒකේ වල හාරන මොහොතේ පටන් හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලියුම් යවලා තියෙනවා, පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. නමුත් 2019 ඉඳලා මේක හදාගෙන හදාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි මැන්නාහාම පිහිනුම් තටාකය සහ ගොඩනැගිල්ලෙන් කොටසක්. දැන් එයා බදු ඉල්ලනවා.ඉතින් මම ඉඩම් කොමසාරිස් ජෙනරල් තුමාට මම කිව්වේ,අනවසරෙන් එපා කියද්දීත් පොලිසියේ පැමිණිලි කරද්දි අනවසරයෙන් හදපු පුද්ගලයාට බදු දුන්නොත් ඒක අනවසර ඉදිකිරීම් වලට අනුබලදීමක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන්ම කඩා ඉවත් කරන එක තමයි සුදුසු කියලා, මගේ නිර්දේශය මම යැව්වා. දැන් ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමාගේ උත්තරය එනකන් තමයි, මට ඒකට නඩු පවරන්න බැරි. ඒක විතරයි ,කාලය ඉකුත් වෙලා ,ඉතුරු වෙලා තියන්නේ . අනෙක් සියල්ලම නඩු කියන්න කටයුතු කරලා තියෙනවා . මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇත්තටම අපිට ලොකු සහයක් දුන්නා. නමුත් අපිට තව 05 ක් 06 ක් තියෙනවා මැන ගන්න.”‘… යනුවෙන් ප්‍රාදේශීය ලේකමිවරිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here